Colombo Today Local News

තණමල්විල කැනීමකින් පුරාවිද්‍යාත්මක සාධක රැසක් සොයා ගැනේ.

තණමල්විල, කිතුල්කොටේ ප්‍රදේශයෙන් පුරාවිද්‍යාත්මක සාධක රැසක් සොයා ගැනේ.

තණමල්විල, කිතුල්කොටේ ප්‍රදේශයේ නටඹුන් වූ දාගැබක් ආශ්‍රිතව සිදු කරන පුරාවිද්‍යා කැනීමකින් වැදගත් පුරාවිද්‍යාත්මක සාධක රැසක් හමුවී තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන කැනීම සඳහා උපදේශකත්වය සපයන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ ආචාර්ය ධනංජය ගම්ලත් මහතා ය.

ආචාර්ය ධනංජය ගම්ලත් මහතා සඳහන් කළේ , මහායාන සම්ප්‍රදායට අනුව ඉදි කළ ස්ථූපයක් එහි ස්ථාපිත කර ඇති බවය.

ක්‍රිස්තු වර්ෂ 6 හා 8 සියවස්වවලට අයත් මෙම දාගැබ මීට දශක 6කට පමණ පෙර නිධන් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව කැනිම්වලදී හෙළිව තිබේ.

කැනීම්වලදී ධාතූන් වහන්සේ තැන්පත් කිරීමට යොදා ගත් කරඬුවේ කොත් කැරැල්ල හා මැටි බරණියක කොටසක් මෙන්ම වර්ණ ගන්වන ලද මැටි හෙප්පුවක්ද පුරාවිද්‍යාඥයින් විසින් සොයාගනු ලැබ තිබේ.

මීට අමතරව අක්ෂර කිහිපයක් කොටන ලද ගඩොල් කිහිපයක් මෙන්ම පැරණි දාගැබේ පැරණි කොත හා දේවතා කොටුවේ කොටස් ද සොයාගත් බව ආචාර්ය ධනංජය ගම්ලත් මහතා ප්‍රකාශ කළේ ය.

එහි කැනීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

Related posts

රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සහ වාහන ඉවත් කිරීමට ජනාධිපති නියෝග කරයි

colombotoday

පොට්ට නවුෆර් බන්ධනාගාරයේදී මිය යයි.

colombotoday

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුව අදින් අවසන්

Admin

මඩ පුවත් පලකර ඒවා ඉවත් කරන්න “ලංකා ඊ නිව්ස්“ කප්පම් ඉල්ලයි – වෛද්‍ය පාදෙනිය විශේෂ මාධ්‍ය සාකච්ඡාවක

colombotoday

පොලිස් පුතෙක් කෝටියක කුඩු සමග මාට්ටු. යහපාලන කාලයේ කොටුවුණාම සී.අයි.ඞී. හිටපු ලොක්කෙක් ෂේප් කරලා.

colombotoday

මරණකරු පොලිසිය විසින් පහළට තල්ලු කළ බවට සාක්‍ෂි නැහැ – ඇමැති සාගල රත්නායක

colombotoday