Covid 19

නිවසේදීම අන්ටිජන් පරික්ෂාව

ඉදිරියේදී ලොව පුරා රටවල් රැසක ක‍්‍රියාත්මක වන ක‍්‍රමවේදයක් වන ගෘහස්ථ මට්ටමින් ක්ෂණික ප‍්‍රතිදේහ පරීක්ෂණ (රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට්) මෙරටට හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. වෘත්තීය සමිති සංගම් නියෝජිතයන් පිරිසක් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති සෞඛ්‍ය ඇමැතිවරයා කොරෝනා ආසාදනයෙන් මිය යන පිරිසෙන් 86% ක් පමණ විවිධ සංකූලතා නිසා මියයන බවත්, ඉන් 12% ක් පමණ පළමු එන්නත පමණක් ලබාගෙන ඇති බව අවධාරණය කළේය. මිය ගිය අයගෙන් එන්නත් දෙකම ලබාගෙන ඇති පිරිස 2.5% බවත්, ඔවුන්ද විවිධ සංකූලතා පෙන්නුම් කළ අය බව අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසීය.

Related posts

කොරෝනා පළමු මරණය වාර්තා වන විට රෝගීන් ප්‍රමාණය 113 දක්වා ඉහලට

colombotoday

බූස්ටර් එන්නත ලැබෙන හැටි මෙන්න

colombotoday

සති හතකට පසු ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළට

colombotoday

වාද්දූවේ එකම පන්සලක ස්වාමීන් වහන්සේලා 27කට කොවිඩ්

colombotoday

අනුරාධපුරේ යාචකයෝ 81 නිරෝධායනයට

colombotoday

අද දිනට කොරෝනා මරණ 5 ක්

colombotoday