Colombo Today Local News

පාකිස්ථානයෙන් ප්‍රහාරක ජෙට් යානා 8ක් ගන්න රජය එකඟ වෙයි

පකිස්තානයෙන් ප්‍රහාරක ජෙට් ගුවන් යානා අටක් මිලට ගැනීමට ශ්‍රී ලංකා රජය එකඟ වී තිබේ.

අගමැති නවාස් ෂරීෆ් දිවයිනට පැමින සිටින අවස්ථාවේ ඒ සඳහා ද්වි පාර්ශවික ගිවිසුමකට එළැඹි බව ඔහු සමග වන ආරක්ෂක බලධාරීන් පකිස්තාන මාධ්‍යවේදීන්ට හෙලි කර තිබේ.

පලමු අදියරේ දී චීන-පකිස්තාන් හවුල් නිෂ්පාදනයක් වන JF17 තන්ඩර් යානා අටක් විකිනීමට නියමිතය.

පකිස්තාන අගමැති වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙම වෙළෙඳාම සිදු කෙරෙනු ඇති බව අප මීට ඉහතදී වාර්තා කළේය.

ප්‍රහාරක යානා සඳහා දැරෙන වියදම හෝ ඒවා මිලට ගන්නා බව හෝ ශ්‍රී ලංකා රජය පකිස්තානය සමග එළැඹි ගිවිසුම් ප්‍රකාශයට පත් කරද්දී හෙලිකොට නොතිබිනි.

Related posts

“මට වෙඩි තැබීම ගැන කවුරුත් දුක් වෙන්නෑ..“ සයිටම් දොස්තර රුසියාවේ සිට කතා කරයි !

colombotoday

සිමෙන්ති කොට්ටයක් රු. 500කින් ඉහළට

colombotoday

ලංකාවේදී බොරතෙල් පිරිපහදු කර බංග්ලාදේශයට තෙල් යවන්න ඉන්දියාව මාන බලයි

colombotoday

බ්‍රිතාන්‍ය සමාගමක් රත්නපුරේ මැණික් ඉල්ලම් කැණීමට හොර රහසේම වැඩ අරඹයි

colombotoday

යුක්තියට තවත් 952ක් මාට්ටු

Admin

ඥාණසාර හිමි උසාවියට පැමිණෙයි.. පොලිස් ආරක්ෂාව තර කරයි… කැරලි මර්ධනයත් කැදවයි

colombotoday