Colombo Today Local News

බාල කොවිඩ් ඇඳුම් සැපයූ සමාගමට යළිත් කොන්ත්‍රාත්තුවක් – ජීවානුහරණය නොකෙරු අත්මේස් සැපයීමටත් අනුමැතිය

භාවිතයට නුසුදුසු කොවිඩ් ආරක්ෂිත ඇඳුම් කට්ටල ලක්ෂයක් සැපයූ ​පෞද්ගලික සමාගමකට තවත් එම ඇඳුම් කට්ටල ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් පිරිනමනු ලැබ ඇත. ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය මගින් මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා තිබේ.

එම ඇඳුම් කට්ටලයේ අනිවාර්ය අංගයක් වන ජීවානුහරණය කරන ලද අත්මේස් වෙනුවට ජීවානුහරණය නොකරන ලද අත්මේස් සැපයීමට එම සමාගම කළ ඉල්ලීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය අනුමැතිය ලබාදී තිබේ.

සාමාන්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ජීවානුහරණය කළ අත්මේස්, KN95 මුව ආවරණයක් සහ ගුණාත්මක භාවයෙන් යුතු ශරීර ආවරණයකින් ද යුක්ත වෙයි.

එහෙත් මෙම සමාගම මීට පෙර සපයන ලද ආරක්ෂිත ඇඳුම් කට්ටල භාවිතයට නුසුදුසු බවට දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල වෛද්‍ය සැපයීම් අංශයට දැනුම් දී තිබුණි. මෙම ඇඳුම් කට්ටල ඖෂධ නියාමනය, සැපයීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගයීම් කමිටුව මගින් අනුමත කර තිබීම ද විශේෂත්වයකි.

කෙසේ වෙතත් මෙම ඇඳුම් කට්ටල භාවිතයෙන් ඉවත් කර කොවිඩ් එන්නත් ලබාදෙන සෞඛ්‍ය සේවයන්ගේ භාවිතයට යොදා ගත් බව රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.

මෙවර ආරක්ෂිත ඇඳුම් කට්ටල ලක්ෂය සැපයීම සඳහා භාරදී ඇති සමාගම පසුගිය යහපාලන සමයේ පිළිකා එන්නත් ආනයනය කිරීමේදී දූෂණ හා වංචාවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ සමාගමට අයත් එකක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

දිවයින පුරා පිහිටි රෝහල්වල දෛනික භාවිතය සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටල 12,000 කට වැඩි සංඛ්‍යාවක් අවශ්‍ය වෙයි.

මේ වනවිට ආරක්ෂිත ඇඳුම් කට්ටල හිඟයක් පවතින බවත් පවතින තත්ත්වය මත ඇඳුම් කට්ටල ලක්ෂයක් පෞද්ගලික සමාගමකින් ලබාගැනීමට තීරණය කළ බවත් එම අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක පවසයි.

Related posts

ගෑස්වල පීඩනය මනින කිසිදු උපකරණයක් සමාගම් දෙකම සතුව තිබි නැහැ – ගෑස්වලට තවම සහතිකයක් දෙන්න බැහැලු

colombotoday

‘සයිටම් විතරක් මදි.. තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 15ක් ඇතිකළ යුතුයි‘ – දඹර අමිල හිමි

colombotoday

මහජන බැංකුවේ මුල් පුටුව බොදු විරෝධියෙකුට.. සියළු ගිණුම් ඉවත් කරගැනීමට භික්ෂූන් වහන්සේලා සැරසෙයි !

colombotoday

අවුරුදු 10න් රට දියුණු කරන්න බොදු බල සේනාවෙන් සැලැස්මක් !

colombotoday

අලියා වෙනත් පක්ෂයකට දෙන්න බැහැ – අකිල විරාජ් කාරියවසම්

colombotoday

ප්‍රධාන දුම්රිය මාර්ගයේ වර්ණ සංඥා කේබල් සොරකම් කළ දෙදෙනෙකු කොටු

colombotoday