Colombo Today Local News

තැපැල් මගින් ඖෂධ ලබාදීම යළිත් අරඹයි

රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ තැපැල් මගින් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා තැපැල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩපිළිවෙළක් යළි ආරම්භ කර ඇත.

ඖෂධ අවශ්‍ය රෝගීන් තමන් සායනය සඳහා සහභාගි වන රෝහලට දුරකථන ඇමතුමක් ලබාදී අවශ්‍ය විස්තර සැපයීමෙන් නිවසටම ඖෂධ ගෙන්වා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ ඊයේ (25)දින පැවැසුවාය.

එලෙස ඇමතීමෙන් ලබාදෙන තොරතුරු අනුව රෝගීන්ගේ නිවෙස්වලට අදාළ ඖෂධ බෙදාහැරීම සිදුකරන බවත් මේ වනවිට ද රෝගීන්ට ඖෂධ බෙදාහැරීමේ කටයුතු සිදුවන බවත් වෛද්‍යවරිය සඳහන් කළාය.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළේ 0720720720 දුරකථන අංකයට සිංහල භාෂාවෙන් ඇමතීමෙන් සහ 0720606060 දුරකථන අංකයට දමිළ භාෂාවෙන් ඇමතීමෙන් අවශ්‍ය විස්තර ලබාගත හැකි බවය.
කොවිඩ් පළමු හා දෙවැනි රැලි අවස්ථාවන්හිදී ද සෞඛ්‍ය අමාත්‍යාංශය තැපැල් දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේය.

Related posts

ප්‍රගීත් එක්නැලිගොඩ මරා දැමූ බවට හෝ මැරුණු බවට සාක්‍ෂි නෑ – හෝමාගම මහේස්ත්‍රාත්

colombotoday

Breaking News: රන්ජන් අත්අඩංගුවට

colombotoday

ජීවිත දෙකක් බිළිගත් මට්ටක්කුලියේ බිහිසුණු අනතුර

colombotoday

ආණ්ඩුව හදපු ගමන් බලය විමධ්‍යගත කරනවා

Admin

ETCA ඉක්මන් කරන්න ඉන්දීය විදේශ ලේකම් එයි.. මෙරට ව්‍යාපාරික අවස්ථා ගැනත් සොයයි !

colombotoday

“රට ගොඬනගන්න තවත් එක් වතාවක් අපට දෙන්න” – රවී

colombotoday