Colombo Today Local News

තද වැසි පිළිබද අවදනාත්මක නිවේදනයක්

ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව , මධ්‍යම පළාත සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 100 වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ත් ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස 2 න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන් ය.

කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

ETCA අවසන් තීන්දුවට, භල්ලා ලංකාවට !

colombotoday

මාමා නොඑයි… බෑණා යළිත් ඇතුළට…

colombotoday

යාපන සරසවි ඉතිහාසයේ මුල්වරට දෙමළ සිසුන් සිංහල ආරක්ෂක අංශ නිලධාරියෙකුගේ ගුණ සමරයි

colombotoday

කොමිස් අඩු කළැයි තෙල් බෙදුම්කරුවන් ඇණවුම් අත්හිටුවයි

colombotoday

ඉන්ධන පෝලිමේදී ඇති වූ ගැටුමෙන් දෙදෙනෙක් රෝහලේ… එකක් කූඩුවේ

colombotoday

කුසුමලතා මහගමසේකර දිවියට සමුදෙයි

Admin