Colombo Today Local News

කොරෝනා මරණ ආදාහනය සඳහා ශ්‍රී ලංකාවේ කාඩ්බෝඩ් පෙට්ටි භාවිතා කිරීමට පටන් ගනී

ශ්‍රී ලාංකිකයින් ගණනාවක් කාඩ්බෝඩ් පෙට්ටි ආදාහනය සඳහා භාවිතා කිරීම ආරම්භ කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

දෙහිවල-ගල්කිස්ස නගරයේ පිහිටි කර්මාන්ත ශාලාවක දී, කාඩ්බෝඩ් පෙට්ටි එකලස් කිරීම සඳහා කම්කරුවන් ස්ටේපල් සහ මැලියම් භාවිතා කරන අතර එය රටේ මියයන කොරෝනා රෝගීන් සඳහා මිනී පෙට්ටි ලෙස භාවිතා කෙරේ.

මෙම මිනී පෙට්ටිය ප්‍රතිචක්‍රීකරණය කළ කඩදාසිවලින් සාදා ඇති ඇත.

COVID-19 හේතුවෙන් ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව ඉහළ යත්ම, සමහරු තම ආදරණීයයන් ආදාහනය කිරීමේදී මෙම කාඩ්බෝඩ් පෙට්ටි තෝරා ගනී.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ මිල අධික ලී පෙට්ටි සඳහා ගෙවීමට මිනිසුන්ට අපහසු වී ඇත.

ලී මිනී පෙට්ටියක මිල රුපියල් 30,000 (ඩොලර් 150) ක් පමණ වන බවත් ඊට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල් 4,500කට (ඩොලර් 23 ක්) පමණ කාර්ඩ් බෝර්ඩ් මිනී පෙට්ට් මිලදී ගත හැකි බවයි නිෂ්පාදකයා වන ප්‍රියන්ත සහබන්දු මහතා පැවසුවේ. එය කිලෝග්‍රෑම් 100 (රාත්තල් 220) දක්වා දරා සිටිය හැකිය.

මුලින්ම මෙම මිනී පෙට්ටි වැඩිපුරම භාවිතා කළේ COVID-19 වින්දිතයින් සඳහා වන නමුත් පරිසරය ගැන සැලකිලිමත් වන අය අතර දැන් එය වඩාත් ජනප්‍රිය වී ඇත.

2020 මුල් භාගයේ සිට කාඩ්බෝඩ් පෙට්ටි 350 ක් පමණ ලබා දී ඇති අතර ඇණවුම් කරන ලද තවත් මිනී පෙට්ටි 150 ක වැඩ නිම කරමින් සිටී.

Related posts

කුසල් මෙන්ඩිස්ට කොවිඩ්

colombotoday

මඩකලපුවට ඇදහැළුණු මෝස්ම් වරුෂාව හේතුවෙන් 35,642දෙනෙක් පීඩාවට

colombotoday

ෆේස්බුක් වෛරය වැපුරුවා කියා පාසල් සිසුන් දෙදෙනෙක් රිමාන්ඩ්.. බෝම්බ හතරක් සමග අසුවූ පුද්ගලයාට ඇප !

colombotoday

ගෝඨාභය රාජපක්‍ෂ නැතුව බෑ – විමල් විරවංශගෙන් ප්‍රකාශයක්

colombotoday

ව්‍යවස්ථාව සම්මතකරගන්න ඩයස්පොරාවෙන් රු. මිලියන 1500ක් !

colombotoday

අද,හෙට සහ අනිද්දා විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday