Colombo Today Local News

සාස්තරකාරියට ලිංගික අතවර කර නිරුවත ගුරුකම් ප්‍රචාරයට යොදා ගත් ගුරුන්නාන්සේ දරුවෝ දෙන හැටි

සාස්තරකාරියට ලිංගික අතවර කර නිරුවත ගුරුකම් ප්‍රචාරයට යොදා ගත් සිනිගම දේවාලයට එන ගුරුන්නාන්සේගේ වැඩ

සාස්තරකාරියට ලිංගික අතවර කර නිරුවත ගුරුකම් ප්‍රචාරයට යොදා ගත් ගුරුන්නාන්සේ දරුවෝ දෙන හැටි

ශාස්ත්‍ර කියන කාන්තාවක් රවට්ටාගෙන හෝටල්කාමරයකට බලහත්කාරයෙන් රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන ශාස්ත්‍ර හා ගුරුකම්කරණ ගුරුන්නාන්සේ කෙනෙකු ඊයේ(24)දින ගාල්ල පොලිසියේ කොට්ඨාශ හා ළමා කාන්තාකාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාර ගුරුන්නාන්සේ 32 හැවිරිදිවියේ පසුවන විවාහකයෙකි. මොහු කුරුණැගල ප්‍රදේශයේ සිට හික්කඩුව සිනිගම දේවාලයට පුද පුජා පැවැත්විම සදහා පැමිණෙන අයෙකි. අතවරයට ලක්වු ශාස්ත්‍ර කියන කාන්තාව ද සිනිගම දේවලයට පුද ජුජා පැවැත්විම සදහා පැමිණ ඇත. ඇය 30 හැවිරිදිවියේ පසුවන දෙදරුමවකි.

දේවාලයට පැමිණි දිනයකදි ශාස්ත්‍රකාරිය ගුරුන්නාන්සේගේ කාර් රථය අසලට ගොස් ඇති අතර එහිදි සැකකරු ඇයට බිම විදුරුවක් ලබාදි ඇත. පසුව ඇය සිහිසුන්වි ඇති අතර සිහිය ලැබෙනවිට ඇය පාළු නිවසක සිට ඇති අතර ඇය ත්‍රිරෝද රථයකින් යලි නිවසට පැමිණ ඇති බවයි පොලිස් පරික්ෂණවලදි අනාවරනය වී ඇත්තේ. දින 10 ක් ගෙවිගිය පසු සැකකාර ගුරුන්නාන්සේ ශාස්ත්‍රකාරියට දුරකථනයෙන් කථාකොට වටස්ඇප් අංකයක් ඉල්ලාගෙන ඇත. පසුව මැඩම්ගේ සෙල්ලම් පෙන්වන්නම් කියා නිරුවත් ඡයාරුප පෙන්වා ඇති අතර දැන් ඉතින් මම කියනවිදියට වැඩකරණ ලෙස පවසමින් බලපෑම් සිදුකර ඇත.
පසුව සැකකරු විසින් ඇයට තර්ජනය කොට භිය වද්දා මෙම ශාස්ත්‍රකාරිය ඔහුගේ ගුරුකම් ප්‍රචාරක කටයුතු සදහා යොදාගෙන ඇත. මෙම ගුරුන්නාන්සේගෙන් ගුරුකම්කරවාගෙන ප්‍රථිකාර ගත් නිසා තමන්ට දැන් දරුවකු ලැබෙන්නට සිටින බවට ශාස්ත්‍රකාරිය ලවා කියවාගෙන සැකකරු විසින් විඩියෝගත කොට ඇත.

තර්ජනය කිරිම් හමුවේ භියට පත් ශාස්ත්‍රකාරිය සිය උදරයට කොට්ටයක් බැදගෙන දරුවකු ලැබිමට සිටින අයුරින් සිට බොරු මවාපෑමක් සිදුකර පිරිස මුලාවේ දමා ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත. මේ අයුරින් සැකකාර ගුරුන්නාන්සේ විසින් තම ගුරුකම්වල ප්‍රචාරක කටයුතු සදහා මෙම කාන්තාව යොදාගෙන ඇත.

ගාල්ල පොලිසියේ කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශට ශාස්ත්‍රකාරිය විසින් කරණු ලැබු පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය පිළිබද විමර්ශනය කොට ලිංගික අතවර කිරිම හා පහරදිම භියගැන්විම යන චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

නැවේ තෙල් කාන්දු සොයා නාවික හමුදාව කිමිදෙයි.

colombotoday

මේ තත්ත්වය යටතේ කවදාවත් ක්‍රිකට් හදන්න වෙන්නේ නෑ

colombotoday

දිවයින පුරා ගෑස් බෙදා හැරීම අද

colombotoday

“මාත් පත්තරකාරයෙක්.. රැහේ උන්ට මම සළකනවා“ – ජනපති

colombotoday

156 වන ශ්‍රී ලංකා පොලිස් සංවත්සරයට ජාතියේ උත්තමාචරය..! – ප්‍රධාන සැමරුම් උත්සවය අද ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල අද සිට විවෘතයි

colombotoday