World

ජූලි මාසයෙන් පසු චීනයෙන් කිසිඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නෑ

ජූලි මාසයෙන් පසු චීනයෙන් කිසිඳු කොරෝනා ආසාදිතයෙකු දේශීයව වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ දිනයේදී චීනයෙන් කොරෝනා ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වී ඇතත් එම සියලු ආසාදිතයින් විදේශ රටවල සිට පැමිණ චීනයේදී කොරෝනා ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයින්.

ඒ අනුව ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ලොව පුරා පැතිර යමින් ඇති පසුබිමක් තුළ චීනයෙන් මෙලෙස අඛණ්ඩව දේශියව කොරෝනා ආසාදිතයින් වාර්තා නොවුනහොත් ඩෙල්ටා වෛරසයේ ව්‍යාප්තිය සාර්ථකව පාලනය කළ ලොව පළමු රට බවට චීනය පත්වනු ඇති.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් පළමු වරට හඳුනා ගැනුණේ චීනයේ නැන්ජින් නගරයෙන්. ඒ, ඉකුත් ජූලි මාසයේදීයි.

ඒ අනුව මේ දක්වා චීනයේ ප්‍රදේශ 31 කින් ඩෙල්ටා ආසාදිතයින් 1,500 දෙනෙකු පමණ හඳුනාගෙන ඇත.

එලෙස ඩෙල්ටා ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග ඇතැම් ප්‍රදේශවලට දැඩි සීමා පැනවීමටත් මිලියන ගනණක් දෛනිකව පරීක්ෂාවන්ට ලක් කිරීමටත් චීනය පියවර ගත්තේය.

2019 වසරේදී වූහාන් නගරයෙන් කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වීමත් සමග මුහුණ දුන් තත්ත්වය යළි ඇතිවීම වළක්වා ගැනීම සඳහා චීනය දැඩිව වගබලා ගනිමින් සිටින බවයි විචාරකයින් පවසන්නේ.

Related posts

ඉන්දියාව යුධ අභ්‍යාස කරද්දී පාකිස්ථානය මිසයිල ටෙස්ට් කරයි

Admin

අමෙරිකානු රූ රැජිනක් දිවි නසාගනී

colombotoday

ඉන්දියාවේ බෞද්ධයන් වැඩියෙන් වෙසෙන “ලඩක්” වෙනම ප්‍රාන්තයක් බවට පත් කෙරේ

colombotoday

Video – මිසයිල 26ක්, යුද නැව් 4කින් ISIS ඉලක්ක 11ක් සොයා 1500kmක් දුර ඉගිල යයි

colombotoday

දුරකතන මාදිලි රැසක අද සිට වට්සැප් ඉවතට

colombotoday

ඡන්ද ගණනය නවත්වන්නැයි ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

colombotoday