Covid 19Uncategorized

කොවිඩ් ආසාදනය වූ මාස 7ක ගැබිනි මවක් මිය යයි

වයස අවුරුදු 27ක් වූ හත්මස් ගැබිනි මවක් කොරෝනා ආසාදිතව මියගොස් තිබේ.

කළුතර නාගොඩ මහ රෝහලේදීයි ඇය මෙලෙස මියගොස් ඇත.

උතුරු කළුතර නිග්‍රෝධාරාම පාරේ පදිංචිව සිටි ඇයගේ මරණය පිළිබඳව ඇයගේ සැමියා විසින් කළුතර තොටමුණ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කුමසාරු මහතා ඉදිරියේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දී තිබේ.

” මියගොස් ඇත්තේ මගේ බිරියයි. අප විවාහ වී වසර තුනක් පමණ වෙනවා. බිරියට උණ හා ආහාර ගැනීමට අපහසුතාව තිබුණා. වෛද්‍යවරු කීප දෙනකුගෙන් ප්‍රතිකාර ලබා ගත්තා.

බිරියගේ අසනීප තත්ත්වය නිසා මා වෑන් රථයකින් ඇගේ මව සිටින බෝම්බුවල නිවෙසට ගෙන ගියා.

මා ගල්කිස්සේ මගේ ගෙදරට ගියා.

බිරියගේ සොයුරිය පසුව මට කතා කර බිරිය හුස්ම ගන්න අපහසුවෙන් සිටින බව කිව්වා.

ඉක්මනින් නාගොඩ රෝහලට ගෙනයන ලෙස මම කිව්වා.

මාද ඉක්මනින් බිරිය බැලීමට රෝහලට ආවා.

ඒ වන විට බිරිය දැඩි සත්කාර ඒකකයට ප්‍රතිකාර සඳහා ඇතුළු කර තිබුණා.

මා බිරිය ගැන වෛද්‍යවරුන්ගෙන් විමසූ විට ඇය මියගිය බව කිව්වා.

මරණය ගැන සැකයක් නැහැ. කොරෝනා රෝගයෙන් මියගිය බව පිළිගන්නවා.”

මෙහිදී ඉදිරිපත් වූ සාක්ෂි හා කළුතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.එස්. අත්තනායක මහතා විසින් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සලකා බැලූ මරණ පරීක්ෂකවරයා මෙය කොරෝනා ආසාදිත වීමෙන් සිදුවූ මරණයක් බවට තහවුරු කර තිබේ.

Related posts

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාවට යොදවා සිටි STF 30කට කොවිඩ්.

colombotoday

“ඩෙල්ටා” ප්‍රභේදය මෙරට තුළ සුලභව පැතිරයාමේ අවදානමක්

colombotoday

මහනුවර ප්‍රථම කෝවිඩ් මරණය අද වාර්තා වෙයි

colombotoday

Ready, sweat: 10 top fitness trends for 2018

colombotoday

මෙරට පැතිරෙන්නේ බ්‍රිතාන්‍යයේ COVID වෛරස ප්‍රභේදය බව තහවුරු වෙයි

colombotoday

ඇමරිකාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි!

colombotoday