Colombo Today Local News

අත්තනගල්ල ප්‍රා. සභාවෙන් මිනී පෙට්ටි. ආදාහනයත් නොමිලේ

අත්තනගල්ල ප්‍රාදේශීය සභාව මිනී පෙට්ටි ද නිෂ්පාදනය කර කෝවිඩ් -19 වෛරසය ආසාදනය වී මිය යන අයගේ ආදාහන කටයුතු නොමිලේම සිදු කිරීම ආරම්භ කොට ඇත.

මේ පිළිබඳව අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා මෙසේ කියා සිටියේය.

” කොවිඩ් වෛරසය ආසාදනය වී මිය යන අයගේ පවුල් වල සාමාජිකයන් දැඩි ලෙස අසරණ තත්වයකට පත් වෙනවා. ඇති නැති කියල බේදයකින් තොරව ඒ හැමෝම අසරණ වෙනවා.සමහර අවස්ථාවල මිනී පෙට්ටි ලබා ගැනීමට යාමේදීත් අඩු ආදායම් ලාභී පවුල් වල සාමාජිකයන් දැඩි ලෙසම අසරණ තත්වයකට පත් වෙනවා.මේ තත්ත්වය යටතේ අපි වතුපිටිවල රෝහලේදී මරණ පරීක්ෂණ කරනු ලබන සියළුම කොවිඩ් මෘත ශරීර නොමිලයේම ආදාහන කටයුතු සිදු කිරීමට තීරණය කළා.ඒ සදහා අවශ්‍යය සියළුම මිනී පෙට්ටිත් අපිම නිෂ්පාදනය කරනවා. මිනී පෙට්ටි නිෂ්පාදනයට සභාවේ මුදල් වැය කරන්නේ නැහැ.පරිත්‍යාගශීලීන් පිරිසක් නොමිලේ ලෑලි ලබා දෙනවා. සභාවේ අපේ සේවක මහතුන්ගේ ශ්‍රම දායකත්වයෙන් මිනී පෙට්ටි නිෂ්පාදනය කරනවා. “

Related posts

යුද හමු­දාව මුද්‍රණය කළ පළමු රියැ­දුරු බල­ප­ත හමු­දා­ප­තිට බාර ­දෙයි

colombotoday

“හම්බන්තොට චීනයට දි ගත් සල්ලිවලින් පුංචි වරායවල් සංවර්ධනය කරනවා” – වරාය ඇමති

colombotoday

සිංහල මහ ජාතියේ කැමැත්ත නැතිව කිසිවක් කරන්න බෑ – ජනපති

colombotoday

පොලිස් නිලධාරින් 19 කට ස්ථාන මාරුවීම්

colombotoday

පූගොඩ OIC ට පොලු පහරක්

colombotoday

යහපාලන ඇමැති පුතාගේ කෝටි 8ක ජීප් රථය ලියාපදිංචියේදී මාට්ටු

colombotoday