Colombo Today Local News

යාපනය රෝහලේ අධ්‍යක්ෂකට ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි කියමින් තර්ජනය කළ අයට වැඩ වරදී

ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි කියමින් යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂකට දුරකතන ඇමතුමක් දී තර්ජනය කළ පුද්ගලයෙකු යාපනය පොලීසිය විසින් ඊයේ (22)දින මීගමුවේදී අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනය ශීක්ෂණ රෝහලට ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුව ජනාධිපතිවරයාගේ නියෝගයක් මත යාපනයේ එක් පුද්ගලයෙකුට ලබා දෙන ලෙසත් එසේ නොකළහොත් කරදර රැසකට මුහුණ දීමට සිදු වන බවත් පවසමින් අදාල සැකකරු දුරකතන ඇමතුම ලබා දී ඇත.

යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ශ්‍රී බවානන්දරාජා මහතා යාපනය පොලීසියට කරණ ලද පැමිණිල්ලක් මත පොලීසිය විසින් පරීක්ෂණ පවත්වා සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

පාසල්, පන්සල් අසලම අරක්කු විකිණීමට රවීගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

මත්තල ගන්න අපි සූදානම්.. ඉන්දීය ගුවන් සමාගමක් රජයට දන්වයි !

colombotoday

ඉන්දියාවෙන් ඩීසල් එන්ජින් 20ක් නොමිලේ ශ්‍රී ලංකාවට..

Admin

දක්ෂිණ අධිවේගයේදී රියදුරන් දෙදෙනෙක් වැට පැනල බස් දෙක මාරු කරගෙන

colombotoday

“මගෙන් නාහා කැලෑ – පස් කැපුවොත් බලාගෙනයි“ ජනපති ග්‍රාමසේවක බලතල කරට ගනී !

colombotoday

සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් රනිල් – සජිත් අද සාකච්ඡාවක්

colombotoday