Colombo Today Local News

නිරෝධායන නීති කැඩූ 186ක් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 186 දෙනෙකු ගතවු පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨසාය සඳහන් කළේ, ඒ අනුව නිරෝධායන රනීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 55,842ක් වන බවය.

මේ අතර බස්නාහිර පළාත තුළ ස්ථාපිතකර ඇති මාර්ග බාධක 12ක දී බස්නාහිරින් පළාතෙන් පිටවු වාහන 735ක් හා පුද්ගලයින් 1,261ක් පරීක්ෂාවට ලක්කර තිබේ.

ඒ අනුව තවත් වාහන 787ක් හා පුද්ගලයින් 1,437ක් බස්නාහිර පළාතට ඇතුළුවීමේ දී පරීක්ෂාවට ලක්කර ඇත.

එහිදී පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින ගමන් කිරීමට පැමිණි වාහන 191ක් හා පුද්ගලයින් 471ක් ආපසු හරවා යැවීමට කටයුතු කළ බවද පොලීසිය පවසයි.

Related posts

අනතුරක් කර පලා ආ පුතු ත්‍රිවිලය මහවැලියට පෙරලලා

Admin

සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙයි

colombotoday

රිමාන්ඩ් ප්‍රභූන්ට බන්ධනාගාර රෝහලේ සැප දෙන දොස්තර ගැන පරීක්ෂණයක්

colombotoday

පොල් සොරකමේ ගිය පුද්ගලයෙක් මුරකරුගෙන් වෙඩි කයි

Admin

හිමිනමට පිහි පෙන්වා කඩා වැදුණු තිදෙනෙක් විහාරස්ථානය කොල්ල කාලා

Admin

පාගමනට ආවේ දහදාහයි.. හරිම ප්‍රීතිජනකයි.. එනිසා විනය පරීක්ෂණ නෑ – එස් බී

colombotoday