Colombo Today Local News

ආදායම් අඩුයි කොවිඩ් මරණ නොමිලේ ආදාහනය බැහැ

කොරෝනා වසංගතයෙන් මියයන අයගේ මෘත ශරීර නොමිලේ ආදාහනය කිරීමට රජය තීරණය කළද එම වසංගතය නිසා ආදායම් අඩු වී ඇති සභාවක් ලෙස කොවිඩ් මෘත ආදාහනාගාරය කිරීමේදී එම පවුල්වලින් මුදලක් අය කිරීමට පෙ​රේදා (17 වැනිදා) රැස්වූ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදී ඒකමතිකව තීරණය කෙරිණි.

සභාපති සුදත් දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් එම මාසික සභා රැස්වීම පැවැති අතර ඔහු විසින් එම යෝජනාව සභාවට ඉදිරිපත් කළේය. පක්ෂ – විපක්ෂ මන්ත්‍රීවරු විසින් යෝජනාව ඒකමතිකව සම්මත විය.

තම බල ප්‍රදේශයේ සෑම පවුලක්ම මරණාධාර සමිතිවල සාමාජිකත්වය ලබා ඇති හෙයින් කොවිඩ් මරණයකදී වුවද අදාළ සමිතිවලින් සාමාජික මරණයකදී මුදල් ගෙවන නිසා තම සභාව කොවිඩ් මරණ ආදාහනයකදී මුදලක් අය කිරීම සාධාරණ බවද මෙහිදී සභාපති සුදත් දේශප්‍රිය කියා සිටියේය.

දෙහිඅත්තකණ්ඩිය සභා බලප්‍රදේශයේ සිදුවූ කොවිඩ් මරණ 14න් 9ක්ම සභාව මගින් නොමිලේ ආදාහනය කළද ඉන් කිසිදු මුදලක් අය නොවුණ බව පෙන්වා දුන් සභාපතිවරයා මේ වනවිට කොරෝනා රෝගීන් 1800කට වැඩි ප්‍රමාණයක් ප්‍රදේශයෙන් වාර්තා වී තිබීමත් ඔවුන්ගෙන් වැඩිදෙනකු අසාධ්‍ය තත්ත්වයේ සිටීම අති භයානක බවද කියා සිටියේය.

රෝගීන් හා කාර්ය මණ්ඩල ප්‍රවාහනය, රෝගීන් වෙනත් රෝහලකට මාරු කිරීම සහ කොවිඩ් රෝගීන් රැගෙන ඒම සහ මෘතශරීර ආදාහනාගාරය වෙත රැගෙන ඒමට දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහල සඳහා ඇත්තේ එක් ගිලන් රථයක් බැවින් ඊට රජයේ අවධානය යොමුකර විකල්ප විසඳුමක් ලබාදෙන ලෙසද දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රජයෙන් ඉල්ලීමක් කළහ.

Related posts

බුරම්පි මාමා අන්දනවා වගේ අයි.එම්.එෆ් අන්දන්න බෑ

Admin

කහටගස්දිගිලිය, නාගිරිකන්ද පුරාවිද්‍යා රක්ෂිතය දිවුල්වැව මුස්ලිම් ගම්මානයට බිලිවෙයි. බලධාරීන් නිහඬයි

colombotoday

ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක්

colombotoday

ජනපති සහ කියුබා ජනපති අතර එකඟතාවයක්

Admin

කථානායක කරුගෙන් තවත් විශේෂ නිවේදනයක්…

colombotoday

පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

Admin