Colombo Today Local News

තවත් කොවිඩ් මර්ධන එන්නත් තොගයක් ආනයනයට කැබිනට් අනුමැතිය

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා එක්කෝටි හතළිස් ලක්ෂයක් සහ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ අනුවක් කඩිනමින් ආනයනය කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

අවුරුදු 18ට වැඩි සියලු දෙනාට ලබන මස තිස් වැනිදාට පෙර එන්නත් ලබා දී අවසන් කිරීමට රජය සැලසුම් කර ඇති අතර ,එම අවශ්‍යතාව සපුරාලීම සඳහා මෙම එන්නත් තොගය ආනයනය කෙරේ.

දැනට 1,12, 61,065 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති අතර, එන්නත් දෙකම ලබා දී ඇති පිරිස 32,49,670කි.

මෙරටට විවිධ මාර්ගවලින් දැනට ලැබී ඇති එන්නත් ප්‍රමාණය 1,94,90,630ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කියයි.

Related posts

යුද අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ දෙබිඩි පිළිවෙත

colombotoday

අ.පො.ස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් යයි.

colombotoday

සියලුම ආර්ථික මධ්‍යස්ථාන තවත් දින දෙකක් ඇරෙයි

colombotoday

ලිට්‍රෝ ගෑස් රුපියල් 835 කින් ඉහළ දැමීමට අවසර ඉල්ලයි

colombotoday

තුර්කියේ හමුදා කුමන්ත්‍රණය අසාර්ථක වීම ගැන අගමැති සතුට පලකරයි!

colombotoday

අගමැතිගේ ප්‍රකාශය ගැසට් කරන්න.. – මරික්කාර් ඉල්ලයි

colombotoday