Colombo Today Local News

ආණ්ඩුවට ජනතාවගේ ජීවිත සුරැකීමට කිසිදු වැඩපිළිවෙලක් හෝ අවශ්‍යතාවයක් නෑ – ස්වයං ලොක්ඩවුන් තත්ත්වයකට පත්වෙන්න

වෛද්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම් මත ස්වයං ලොක්ඩවුන් තත්ත්වයකට පත්වන ලෙස සමගි ජන බලවේගයේ සියලු දේශපාලන පක්ෂ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඒකාබද්ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ, අවම වශයෙන් තීරණාත්මක ඉදිරි දින 10 තුළ එය ක්‍රියාත්මක කරලීමට දායක වන ලෙසය.

ආණ්ඩුවට ජනතාවගේ ජීවිත සුරැකීමට කිසිදු වැඩපිළිවෙලක් හෝ අවශ්‍යතාවයක් නොමැති බව ද එම පක්ෂය සඳහන් කරයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂය සමඟ සන්ධානගත පක්ෂවල නායකයින් වන රවුෆ් හකීම්, මනෝ ගනේෂන් හා අමීර් අලී යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව එම ඒකාබද්ද නිවේදනය නිකුත් කර තිබේ.

Related posts

නියෝමාල් රංගජීව හා එමිල් රන්ජන් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

පොහොට්ටුව දිනවන්න ඡන්දය දෙන්නැයි දිලාන් පෙරේරා කියයි !

colombotoday

වැට් පනතට ශ්‍රීලනිප පාර්ශවයේ විරෝධය.. අගමැති අමාරුවේ !

colombotoday

දෙමටගොඩ රුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

GIT විභාගය ප්‍රථම වරට Online ක්‍රමයට

colombotoday

කෝටියක හෙරොයින් සමග කතක් අත්අඩංගුවට

colombotoday