ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක, ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.
පාදයේ අබාධයකට ලක්ව සිටි කුසල් නැවත සිය ක්රිකට් පුහුණුවීම් ආරම්භ කිරීමට පෙරාතුව සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබේ.
එළඹෙන දකුණු අප්රිකානු ක්රිකට් තරගාවලිය සඳහා ශ්රී ලංකා ක්රිකට් සංචිතයට ද ඔහු ඇතුළත් වී සිටියේය.