Colombo Today Local News

නීතිවිරෝධීව මෙරටට ආ ඉන්දීය තරුණයෙකු නිරෝධායනයට

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිට නීතිවිරෝධිව මෙරට පැමිණි තරුණයෙකු නිරෝධායනයට යොමු කර තිබේ.

යාපනය පොලීසිය සහ සෞඛ්‍ය අංශ විසින් අදාළ තරුණයා නිරෝධායනයට යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

පසුගිය 08 වනදා අදාළ තරුණයා තමිල්නාඩු ප්‍රාන්තයේ සිට ධීවර යාත්‍රාවකින් පැමිණ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ ඥාති නිවසක සැඟව සිටින බවට ලද තොරතුරක් මත ඔහු ලබන 23 වන දින දක්වා නිරෝධායනයට යොමු කර තිබේ.

නිරෝධායන කාලසීමාව අවසන් වීමෙන් අනතුරුව අදාල පුද්ගලයාට එරෙහිව ආගමන විගමන පනත යටතේ මෙන්ම නිරෝධායන රීතීන් යටතේ නඩු පැවරීමට නියමිත බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

වරාය සේවක විරෝධතාව උණුසුම්.. කදුළු ගෑස්, අධි පීඩන ජල ප්‍රහාර !!

colombotoday

“ඉල්ලා අස්වුණා” යැයි කී වසන්ත සේනානායක අද කැබිනට් හමුවට ගිහින්

colombotoday

ඡන්ද 4ක් අවලංගුයි…. වලංගු ඡන්ද 219යි

colombotoday

හමුදාවට ඉඩම් නොදෙනු ! කියා TNA මන්ත්‍රීන් යාපනය දිසාපතිව කාර්යාලයේ හිර කරයි

colombotoday

(VIDEO) “මාව අත්අඩංගුවට ගන්න ආවේ මටත් වඩා හොරෙක්“ – නාමල්

colombotoday

මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් රජයට නැහැ – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

Admin