Colombo Today Local News

කූඩු කර ඉන්න පාතාලයන් නිරීක්ෂණයට කඩා පනින හමුදාවක්

අධි ආරක්ෂිත බන්ධනාගාරවල රඳවා සිටින පාතාල හා මත්ද්‍රවය ජාවාරමුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය ඇතුළු විශේෂ රාජකාරි සඳහා ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය විශේෂ පුහුණුව ලත් දෙසිය දෙනකු සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගෙන ඇත.

දැනට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති විශේෂ බුද්ධි ඒකකයට මෙම දෙසීය දෙනා අනුයුක්ත කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි.

විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා ඇති බන්ධනාගාර සිර මැදිරි පරීක්ෂාව, ප්‍රබල පාතාලයන් අධිකරණ වෙත රැගෙන යාමේ රාජකාරි මෙම විශේෂිත කණ්ඩායමට පැවරෙන බවද හෙතෙම පවසයි.

වසර 22ක සේවා කාලයෙන් පසු හමුදා ​සේවයෙන් විශ්‍රාම ගත් මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සෙසු නිලයන්හි විශේෂිත පුහුණුව ලත් දෙසීයක් මේ සඳහා තෝරාගෙන ඇත.

මෙම කණ්ඩායමට වසර පහකින් පසු අවශ්‍ය නම් බන්ධනාගාර සාමාන්‍ය රාජකාරි සඳහා වුවද එක්වීමට හැකි බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

දැනටමත් බන්ධනාගාර බුද්ධි ඒකකයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ සියයක කණ්ඩායමක් සේවයේ නිරත අතර ඕනෑම බන්ධනාගාරයකට කඩා පනින හමුදාවක් සේ ගොස් හදිසි පරීක්ෂා කිරීම් සඳහා මෙම ඒකකයට බලතල ඇත.

Related posts

අඩු ආදායම්ලාභීන්ට සූර්ය බල විදුලි උත්පාදන කට්ටල නොමිලේ

colombotoday

COVID -19 එරෙහි ශ්‍රී ලංකාවේ සාර්ථක සටන චීන ජනපතිගේ ප්‍රශංසාවට

colombotoday

ගංවතුර වළකන්න වසර 50කට පෙර ගෙනා සැලසුම් තවම ක්‍රියාත්මක කරගන්න බැරිවුණා

colombotoday

ජාතික ආණ්ඩු යෝජනාව අද පාර්ලිමේන්තුවට…

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

Admin

දේශීය ආදායම් පනත සංශෝධනයට යෝජනා

Admin