Colombo Today Local News

පාරිභෝගිකයන්ට අසාධාරනකම් කරන ලීසිං සමාගම්වලින් මහබැංකුවේ උසස් නිලධාරීන්ට වැටුප් සහ විදේශ සංචාර

මූල්‍ය ආයතන, ලීසිං සහ අනෙකුත් ගනුදෙනුවලදී පාරිභෝගිකයන් නොයෙකුත් කූඨ උපක්‍රම මගින් නොමගයවන බව පසුගියදා පැවති සාකච්ඡාවකදී ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ එකමුතුවේ කැදවුම් කරු සංජය මහවත්ත මහතා පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින් මේ කූඨ උපක්‍රම පිටුපස මහබැංකුව සිටින බවද, සමහර උසස් නිලධාරීන් අදාල ලීසිං සමාගම්වලින් වැටුප් සහ විදේශ සංචාර ලබාගෙන ඇති බව ද ඔහු සඳහන් කරන ලදි.

2000 අංක 56 දරන ලීසිං පණත කිසුදු විවාදයකින් තොරව පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති බවත් එසේවීමට හේතුව වශයෙන් මෙම ආර්ථික ගණුදෙනු පිටුපස දේශපාලකයන්ගේ නොපෙනෙන හස්ත ක්‍රියාත්මක වීම බවද ඔහු පැවසීය.

මෙම අසාධාරණයට එරෙහිව හඩ අවදිකිරීම නිසා සංජය මහතාට ලංකාවේ ප්‍රසිද්ධ රක්ෂණ ආයතනයක් මගින් රුපියල් කෝටි 20ක අපහාස වන්දි ඉල්ලා නඩු හතරක් අදිකරන හතරක දී පවරා ඇති බව ද අනාවරනය විය.

මෙම සාකච්ඡාව සදහා ඒකාබද්ධ ලීසිං සංගමයේ ලේකම් අසංක පොතුපිටිය මහතාද සහභාගී විය. අදාල සම්මුඛ සාකච්ඡාවට පහත ලින්කුව මගින් පිවිසෙන්න.

Related posts

බොරු සාක්ෂි ලබා දීමේ සිද්දිය: රවීට සති දෙකක් ඇතුළත සීඅයිඩී එන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කරයි

colombotoday

අගමැතිට හා කැබිනට් මණ්ඩලයට එරෙහි පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්…

colombotoday

වන්දනා ගමනකට රට යන්න ගම්මන්පිලට අධිකරණයෙන් අවසර

Admin

වන්දි ලබාගන්න කඩිනමින් නඩු පවරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Admin

Video: ඇමති මංගල විකාශය තහනම් කල රාජ්‍ය වෙසක් මහෝත්සවයේ බුද්ධ පුජාව මෙන්න

colombotoday

මීළග පාද යාත්‍රාව මාතරින් කොළඹට !

colombotoday