Colombo Today Sports News

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කිරුළ ඇමෙරිකාවට

තියුණු සටනකින් පසු ඔලිම්පික් ඉතිහාසයේ 32 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල වූ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ජය තහවුරු කර ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය ඊයේ (08)දින සමත්විය.

අවසන් දිනය වූ ඊයේ (08) දිනය ආරම්භ වනවිටද, චීනය රන් පදක්කම් 38ක් ලබා ඉදිරියෙන් සිටි අතර ඇමරිකාව රන් පදක්කම් 36ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවිය. අවසන් දිනයේදී පැවති තරග අතරින් කාන්තා පැසිපන්දු සහ කාන්තා වොලිබෝල් තරගයන්හි රන් පදක්කම් ජයග්‍රහණ ඇමරිකාව විසින් බලාපොරොත්තුවෙන් සිටි අතර, ඒ අනුව ඇමරිකාව සම රන් පදක්කම් ලබමින් සමස්ත පදක්කම් එකතුවෙන් ජයග්‍රහණය තහවුරු කර ගනු ඇතැයි විචාරකයන් මත පළ කළේය.

ඔලිම්පික් ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු කාන්තා වොලිබෝල් කණ්ඩායමක් මෙලෙස රන් පදක්කම දිනා ඇති අතර 2008, සහ 2012 වසරවලදී රන් පදක්කම් සටනේ ඇමරිකාව බ්‍රසීලය හමුවේ පරාජය වී තිබේ. නොසිතු ලෙසින් ගෘහස්ථ පාපැදි ‘ඕම්නියම්’ කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට ඇමරිකානු ක්‍රීඩිකා ජෙනිෆර් වැලන්තේ සමත් වූවාය.

ඒ අනුව උළෙලේ අවසන් දිනය නිමාවන විට ඇමරිකාව රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 41ක් සහ ලෝකඩ පදක්කම් 33ක් සමගින් සමස්ත පදක්කම් 113ක් ලබා මෙවර ශූරතාව දිනා ගත්තේය. ප්‍රබල සටනකින් පසු චීනය රන් පදක්කම් 38ක්, රිදී පදක්කම් 32ක් සහ ලෝකඩ පදක්කම් 18ක් සමගින් සමස්ත පදක්කම් 88ක් සමගින් පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයට පත්විය. සත්කාරක ජපානය රන් පදක්කම් 27ක් සමගින් තෙවැනි ස්ථානයට පත්වීම විශේෂත්වයක් විය.

ඉකුත් 2016 රියෝ ඔලිම්පික් උළෙල සමගින් සැසඳීමේදී මෙවර ඔලිම්පික් උළෙලේදී ඇමරිකාව රන් පදක්කම් 7ක් අහිමි කරගෙන ඇති අතර එවක දෙවැනි ස්ථානයේ සිටි බ්‍රිතාන්‍ය සිවුවැනි ස්ථානය දක්වා පහත වැටී තිබේ. තවද චීනය සහ ජපානය පැහැදිලිව පදක්කම් සටහනේ ඉදිරියට පැමිණ සිටීම විශේෂත්වයකි.

2016 වසරේදී අවම වශයෙන් එක් පදක්කමක් හෝ දිනා ගන්නට රටවල් 86ක් සමත් වූ අතර මෙවර රටවල් 93ක් එක් පදක්කමක් හෝ දිනා ගන්නට සමත්ව තිබීම කැපී පෙණුනි.

Related posts

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශක තනතුරට

colombotoday

ලංකා ප්‍රිමියර් ලීග් දෙවන අවසන් පූර්ව තරගය අද

colombotoday

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට ICC තරඟ තහනමක්

colombotoday

ලසිත් මාලිංග ක්‍රිකට් පිටියට සමුදීම නිවේදනය කරයි

colombotoday

බිද වැටුණු එංගලන්තය මුල් ඉනිමට ශක්තියක් වෙමින් පසුපෙළ පිතිකරුවන් සමග එක් වී නවකයෙකු ගොඩ නංවයි..

colombotoday

ක්‍රිකට්, රග්බි, සහ පාපන්දු යන ජාතික සංචිතවල පුහුණුවීම් ඇරඹීමට සූදානම්

colombotoday