ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
පෙරේදා පිටකෝට්ටේ මංසන්ධියේ සිදුවු බහින්බස්වීමක් සමග ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ නගරාධිපතිවරයා මේ වනවිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.