Colombo Today Local News

අධිකරණයේ වැසිකිළියක් තුළදී අල්ලස් ගත් කොස්තාපල් අත්අඩංගුවට

බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ සිද්ධියකට අදාල සැකකරුවකුට අධිකරණයේ දී ඇප සම්බන්ධයෙන් විරුද්ධ නොවී සිටීමට අල්ලස් වශයෙන් රුපියල් විසිපන්දාහක මුදලක් ඉල්ලා ලබාගත් බව කියන සාලියවැව පොලිසියේ අධිකරණ අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ වැසිකිළියක් තුළදී අද (03) අත්අඩංගුවට ගනු ලැබ තිබේ .

වයස අවුරුදු දාහතරක දැරියක සිය පියා විසින් දූෂණය කරනු ලැබූ බව කියන මෙම සිද්ධියට අදාළ සැකකාර පියා ට ඇප ලබාදීම සඳහා අධිකරණයේ දී විරුද්ධ නොවී සිටීමට සැකකාර පොලිස් කොස්තාපල්වරයා අදාළ අල්ලස් මුදල ඉල්ලා ලබා ගනිමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්වූ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව පවසයි .

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (03) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබියදී සැකකාර පියා ගේ පාර්ශවයෙන් පැමිණ මෙම අල්ලස් මුදල ලබා දීමට කටයුතු කර ඇතැයි ද කොමිසම පවසයි .

අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලකට අනුව එහි උපාය දූතයන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සැකකරුට අදාල අල්ලස් මුදල ලබා දෙන අවස්ථාවේදී එනම් එම අධිකරණයේ වැසිකිළියේදී සැකකරු අත්අඩංගුවට ගත් බව ද කොමිසම සඳහන් කරයි.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

චෙක් කරන්න කලින් අපට කියන්න… බල්ල පල්ලියට ගේන්න එපා – අසාත් සාලි හමුදාවට කොන්දේසි දමයි

colombotoday

අප්‍රේල් 01 සිට අලුත් වැට් බද්දක්.. ආදර්ශය ඝානාවෙන්

colombotoday

සාද පැවැත් වු නගරාධිපතිට ඇප | සියලු දෙනා නිවෙස් නිරෝධානයට

colombotoday

ආධුනික කොස්තාපල්ගේ සිරුර පොලිස් බැරක්කයේ වැසිකිලිය තුළ එල්ලෙද්දී සොයා ගනී

colombotoday

අර්ජුනගේ අන්තහ්පුරයට ලීබඩු හැදූ වරායේ වඩුමඩුවට වෘත්තීය සමිති පනී !

colombotoday

ඡන්ද පහක් ගන්න බැරි, සත පහකට වැඩක් නැති මේ ඇමතිලත් එක්ක එජාපයට ගමනක් නෑ – වසන්ත සේනානායක

colombotoday