Colombo Today Local News

ගුරුවරුන්ට දෙවැනි එන්නත් මාත්‍රා දුන් වහාම පාසල් අරිනවා

සියලුම ගුරුවරුන්ට කොරෝනා මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව දුන් වහාම පාසල් සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.

රටේ ගුරුවරුන්ගෙන් සියයට 84 කටඑන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන් යැයිද හෙතෙම සඳහන් කළේය.

අධ්‍යාපන ඇමතිවරයා මෙසේ පැවසුවේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ගුරුවරුන්ගේ වැඩ වර්ජනය නිසා විශාල අසාධාරණයක්වී ඇත්තේ අඩු වරප්‍රසාදලාභී දරුවන්ට බවත් වරප්‍රසාද සහිත දරුවන් අන් කාලවලදීටත් වඩා ඉගෙනීම් කටයුතුවල නියැළෙන බවත් ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය.

මේ තත්වය නිසා දරුවන්ගේ අධ්‍යාපනය ගැන මෙයට වඩා අවධානය යොමු කරන්නැයි ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.

පාසල් සැමදා වසාගෙන සිටීමට හැකියාවක් නැතැයි අධ්‍යාපන ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

Related posts

ජනපතිතුමනි කයිවාරුව ඇති.. දැන් ඉතින් වැඩ පෙන්නන්න – විමල් ජනපතිට ලියයි

colombotoday

අධිකරණය නීතිඥ සංගමය යටතට – නීතිය මිනී කාක්කන්ට වෙන්දේසිවන ලකුණු

colombotoday

ශ්‍රී ලංකා කණ්ඩායම යලි ලංකාවට

Admin

ශ්‍රී ලංකන්, පළමු ගුවන් යානය පාකිස්ථානයට දෙයි !

colombotoday

ආපහු දේශපාලනයට එන්නේ නෑ

Admin

හිමිකරුවෙක් නොමැති කේරළ ගංජා කිලෝ 60ක් වෙරළේ…

Admin