Colombo Today Local News

ඉෂාලිනිගේ කාමරයේ බිත්තියේ තිබූ “මගේ මරණයට හේතුව” සටහන

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනිගෙන පිළිස්සී මිය ගිය බව කියන දැරිය නවාතැන් ගෙන සිටි කාමරයේ බිත්තියක ලියා තිබූ “මගේ මරණයට හේතුව” යනුවෙන් සඳහන් වැකියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඉංග්‍රීසි භාෂාවෙ අක්ෂරවලින් දෙමළ අර්ථයක් දැක්වෙන ආකාරයෙන් සඳහන් කර තිබූ එම වැකිය සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව ය.

“එන් සාඋ කාරනම්” යනුවෙන් අදාළ වැකිය සහිත බිත්තියේ ඡායාරූප ලබාගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයාට යවා ඇති බවද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

අදාල වැකිය සහිත බිත්තිය ඊයේ (02) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත් අකුරු පිළිබඳ විමර්ශකයන් විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබූ බවද හෙතෙම පැවසීය .

එම දැරිවියගේ පාසල් පොත් කිහිපයක්ද විමර්ශන නිලධාරීන් විසින් සොයා ගනු ලැබ ඇති අතර, බිත්තියේ සටහන්ව තිබූ එම වැකිය ඇය විසින්ම සටහන් කළ එකක්දැයි යන්න සම්බන්ධයෙන් සෙවීම සඳහා අදාළ පොත්පත් ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට නියමිතව ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු වන අතර දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව ත්‍රිපුද්ගල අධිකරණ විශේෂඥ මණ්ඩලය ඉදිරියේදී ලබාදීමට නියමිතව ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related posts

මයික්‍රෝණ 20ට අඩු ලන්ච්ෂීට් කියන්නේ බොරුවක්

colombotoday

කඩුවෙන් කැපෙන්නේ මේ මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනයි

colombotoday

මහින්ද සහ ගෝඨා දිනූ දේශය රැකගත් විරුවන්ට පිංදෙති

colombotoday

කොළොන්නාවේ ප්‍රබල කාන්තා චරිතයක් රනිල් සමඟ රහස් සාකච්ඡාවක?

Admin

අලුත්ම පාස්පෝට් ලක්ෂ 50ක් ලබන මාසයේ සිට

Admin

බන්ධනාගාර රෝහලේ සියළුම වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවක් !

colombotoday