Colombo Today Local News

කොරෝනා ගුරු පොකුරට අතවනන නුවරඑළියේ ගුරු උද්ඝෝෂණය

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරිම , අධ්‍යාපනය පෞද්ගලිකරණ, මිලිටරිකරණය , කොතලාවල පනත වහා අකුලා ගැනිම , දැරුවන්ගේ අධ්‍යාපනය සදහා ඔන්ලයින් පහසුකම් ලබාදිම යන කරුණු මුල් කරගනිමිනුයි උද්ඝෝෂණය සිදු කරනු ලැබුවේ.

නුවරඑලිය ගාමිණි ජාතික පාසල අසලින් උද්ඝෝෂණය ආරම්භ කර උද්ඝෝෂකයන් පෙලපාලියක් මගින් නුවරඑලිය තැපැල් කාර්යාලය අසලට පැමිණ උද්ඝෝෂණයේ නිරත විය.

උද්ඝෝෂණය ආරම්භ කිරිමට ප්‍රතම නුවරඑළීය පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරක්ෂක චන්දන විජේසේකර මහතා විසින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් උද්ඝෝෂණය නිරෝධායන උපදෙස් වලට අනුකුලව සහ මහජන පිඩාවක් සිදු නොකරන ලෙසට නිකුත් කර තිබු නියෝගයක් ලංකා ගුරු සේවා සංගමයේ නුවරඑළීය දිස්ත්‍රික් ලේකම් මංජුල සුරවිර ආරච්චි මහතා වෙත ගෙනවිත් භාරදෙනු දෙනු ලැබුහ.

ගුරු විදුහල්පති උද්ඝෝෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික්කයේ ගුරුවරුන් රැසක් උද්ඝෝෂණයට සහභාගි වි සිටි අතර මෙම උද්ඝෝෂණයට නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෘත්තිය සමිති කිහිපයක් සහ ස්වේච්ඡා සංවිධාන කිහිපයක සහයෝගය ලබා දි තිබුනි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

ජනපති ප්‍රධානත්වයෙන් සර්වාගමික සමුළුව කොළඹදී !

colombotoday

රුපියල් 50 000 කොන්ත්‍රාතුවට චෛත්‍යය ඩෝසර් කරන්නේ කවුද ?

colombotoday

නිමල් ලාන්සා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

සිවුරු තොගයක් සමග මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට…

colombotoday

වැලිගම මුහුදු වෙරළේ කැස්බෑ සිරුරු දෙකක්

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් පිහියෙන් ඇන මරා දාලා

Admin