ඇමරිකා එක්සත් ජනපදය රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රථම වරට ප්‍රකාශයට පත් කර තිබෙනවා. රුසියානු ෆෙඩරේෂනයේ නව ආරක්ෂක ක්‍රමෝපාය එළිදක්වමින් ජනාධිපති පුටින් එම ප්‍රකාශය සිදුකර ඇත්තේ නව අවුරුදු උදාවට සමගාමීවයි.
එමෙන්ම එය ජනාධිපති මෙද්වදෙව් 2009 වසරේ ඉදිරිපත් කළ රුසියානු ආරක්ෂක ක්‍රමෝපාය නැවත සැකසීමක්ද වනවා.
නේටෝ සංවිධානයේ පුළුල්වීමද රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් බව ජනාධිපති පුටින් මීට පෙර ප්‍රකාශ කළා. 2014 වසරේ පැන නැගුණු යුක්රේන අර්බුදයෙන් අනතුරුවයි ඇමරිකාව සහ බටහිර ලෝකය අතර සබඳතා පළුදුවීම ආරම්භ වූයේ.