Covid 19

එන්නත් මාත්‍රා දෙකම ගෙන සිටි සිව්දරු පියෙක් කොවිඩ් නිව්මෝනියාවෙන් මියයයි

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම එන්නත් කරගෙන සිටි සිවුදරු පියෙකු කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අහංගම ගුරුල්ලවල ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි වියේ පසුවන අයෙකි. මෙම පුද්ගලයා ආතරයිටිස් රෝගයෙන් පෙළෙනු අතර කිහිලිකරු ආධාරයෙන් ගමන්කොට ඇත. මැයි මස 29 වැනිදින මෙම පුද්ගලයා සයිනොපාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති අතර දෙවැනි මාත්‍රාව ජුනිමස 28 වැනිදින ලබාගෙන ඇත.

පසුගිය 23 වැනිදින මෙම පුද්ගලයා සෙම් අමාරුව හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර රෝහලේදී කරණු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයේදී මොහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 25 වැනිදින මියගොස් ඇත.

Related posts

වැලිසර නාවික කඳවුරේ තවත් නාවිකයන් 30 කට කොරෝනා.

colombotoday

මිනුවන්ගොඩ – පෑලියගොඩ කොරෝනා පොකුර 6000 පනී

colombotoday

අද දවසට අසාධිතයින් 3435 යි. අද වාර්තා කල මරණ සංඛ්‍යාව 161 යි

colombotoday

තවත් කොවිඩ් ආසාදිත රැඳවියන් 42 ක් හදුනා ගනී

colombotoday

කොරෝනා ආසාදීතයින් ගණන තවත් ඉහළට

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායකටත් කොවිඩ්

colombotoday