Colombo Today Local News

බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩිය සොහොයුරා අද උසාවියට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ රැඳී සිටි 16 හැවිරිදි දැරිය පිළිස්සී මියයෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අද (26)දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් ‍රෝහණ මහතා සඳහන් කළේ සැකකරුවන් අද පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, බිරිඳගේ පියා සහ අදාළ දැරිය නිවසට රැගෙන ආ පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

පළපුරුදු හා විශේෂඥ දැනුම ඇති ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන්, කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය සහ බොරැල්ල පොලීසිය එක්ව කණ්ඩායම් කිහිපයක් යොදවා මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර මෙම විමර්ශනවලදී අනාවරණය වූ තවත් සිද්ධියක් සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔහුව ද අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ බදියුදීන්ගේ නිවසේ මීට පෙර මෙහෙකාර සේවයේ යෙදී සිටි, දැනට 22 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

Related posts

නව අගමැති දිවුරුම් දීම අද?

colombotoday

ට්‍රම්ප් අධ්‍යනය කරමින්, ගෝඨා දේශපාලනයට !!

colombotoday

ගංවතුර වළකන්න වසර 50කට පෙර ගෙනා සැලසුම් තවම ක්‍රියාත්මක කරගන්න බැරිවුණා

colombotoday

ලාංකික දෙමළ සරණාගතයන්ට තමිල්නාඩුවේ නිවාස

Admin

හෙළ උරුමය රතන හිමිට එරෙහිව යුද ප්‍රකාශ කරයි.. වහා විනය පරීක්ෂණයක් කැදවයි !!

colombotoday

අපි අළුත් ව්‍යවස්ථාවෙන් 13ට එහා බලය බෙදනවා.. ඒ යෝජනාව ගෙනාවෙ මහින්දයි !

colombotoday