Colombo Today Local News

පොලීසිය ගනන්හදලා කිවුවා 10 වෙනි මාසේ නොවෙයි 11 වෙනි මාසේ කියලා. – බාල වයස්කාර මෙහෙකාර හුටපටෙන් රිෂාඩ් බදුර්දීන් බේරේයි ද?

“මම 10 වෙනි මාසේ කියලා හිතාගෙන හිටියා. ඒ උනාට අද පොලිසිය ගණන් හදලා තමා කිවුවේ 11 වෙනි මාසේ කියලා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය කළ පිච්චී මියගිය වතුකරයේ තරුණියක් වූ ජූඩ් කුමාර් ඉෂාලිනීගේ මව ඊයේ (21) සඳහන් කර සිටියාය.

ජූඩ් කුමාර් ඉෂාලිනීගේ උපන් දිනය 2004/11/12 ලෙස සඳහන්ව ඇති අතර ඇයගේ මව මුලින් සඳහන් කල පරිදි ඇයව 10 වෙනි මාසයේ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසට රැගෙන ආවනම් ඇයට වයස අවුරුදු 16 සම්පුර්ණ වී නොමැති අවස්ථාවක ගෙනවිත් ඇත. නමුත් ඇයගේ මවට පොලීසිය ගණන් හදලා පවසූ ආකාරයට 11 වෙනි මාසයේ මෙහෙකාර සේවයට රැගෙන ආවනම් 16 සම්පුර්ණ වී ඇත.

කෙසේ වෙතත්, පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී මෙම දැරිය රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසට රැගෙන විත් ඇති බවත් ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 15යි මාස 11 ක් පමණ වන බවත් පසුගිය 17 වනදා මෙම සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් සිදුකරමින් පොලිස් මාධ්‍ය පරක්ෂක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මීට ඉහතදී මධ්‍යවර්තාවල සඳහන් වුවේ අදාළ දැරියට රුපියල් 20000 ක මාසික වැටුපක් ලැබුණු බවයි. කෙසේ වෙතත් ඇයගේ මව තම දියණිය රුපියල් ලක්ෂ දෙකක මුදලක් තමාට එවූ බව පවසයි. එසේනම් ඇය රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මාස 10 ක් සේවය කල යුතුව ඇත.

සත්‍ය කුමක්ද? රටක් බලා සිටියි.

Related posts

“ලක්ෂ පහ අරගෙන එළියට බැහැපල්ලා” – සංවර්ධන කමිටුවේදී ඇමති චම්පික යකා නටයි

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න එංගලන්ත ආරක්ෂක අංශ පිරිසක් දිවයිනට

colombotoday

ඉදිරි පැය 24 තුළ දී සුළි කුණාටුවක්

colombotoday

ආහාර බහාලුම් දහසක් කොළඹ වරායේ හිරවෙයි

colombotoday

ස්වාධීන වූ රතන හිමිගෙන් පුළුල් ජාතික බලවේගයක්.. ඉලක්කය 2020 !

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු 11 සඳුදා ඇරඹෙයි

colombotoday