Colombo Today Local News

සංචාරක ක්ෂේත්‍රයේ ණය සහනය දීර්ඝ කෙරේ

කොරෝනා හමුවේ පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ පුද්ගලයින්ගේ ණය සහනය දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

මේ, ඒ සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව අදහස් පළ කරමින් සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, හෝටල් ක්ෂේත්‍රයේ මිලියන 300 කට වඩා ණය ප්‍රමාණයක් පවතින බව ත් බහුතර පිරිසක් වාණිජ බැංකු හරහා මෙම ණය ලබා ගෙන ඇති බැවින් වාණිජ බැංකු ද දැඩි පීඩනයකට ලක්ව සිටින බවයි.

මේ අතර මේ වාණිජ බැංකුවල ණය පියවීම සඳහා ලෝක බැංකුවෙන් හෝ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහනදායි ණයක් ලබා ගන්නා ලෙස සංචාරක අමාත්‍යංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබේ.

අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ, පසුව අදාළ මුලු ණය ප්‍රමාණය ම නැවත අලුත් ණයක් ලෙස අදාළ වාණිජ බැංකුවල ලියාපදිංචි කරවිය හැකි බවයි.

Related posts

ජනපතිට, හිටපු ජනපති සුබ පතයි.. යහපාලනයනම් සුබ නෑ කියයි

colombotoday

ජල ගාස්තු ඉහළ දැමීමේ ගැසට් නිවේදනය අද

colombotoday

ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළට

colombotoday

මත්පැන් සාදය අවසානයේ සූපවේදියෙක් පඩිපෙළින් වැටී මියගිහින්

colombotoday

වැටුප් ගන්නෑ කියා අපි කාටවත් පොරොන්දු දීලා නෑ-මාලිමා මන්ත්‍රිනී

Admin

ව්‍යාජ වෛද්‍යවරුන් හා මධ්‍යස්ථාන වැටලීමට කඩිනම් පියවර

Admin