Colombo Today Local News

13 හැවිරිදි දැරිය අපයෝජනය කළ තවත් සිව් දෙනෙකු සොයා විමර්ශන අරඹයි

නාවලපිටිය හරංගල ඉලුක්තැන්න ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් දැරිය අපයෝජනය කළ තවත් සැකකරුවන් 4 දෙනෙකු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පුද්ගලයින් 10 දෙනෙකු 13 හැවිරිදි දැරියව අපයෝජනය කළ බව කියන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා අද නාවලපිටිය පොලීසියේ කාන්තා කාර්යංශයේ නිලධාරීන් සහ ගම්පොළ පොලිස් කොට්ඨාසයේ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පැමිණ තිබුණි.

නාවලපිටිය පොලීසියේ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනී පොලිස් පරීක්ෂක ලක්ෂිණි නිමන්ති පෙරේරා මහත්මිය පවසා සිටියේ දැරිය පෙන්වූ ස්ථාන ඇය පදිංචිව සිටින නිවසට යාබදව පිහිටා ඇති බවය.

මේ අතර දැරිය අපයෝජනය කළ බව කියන ඇයගේ පියා, 32 හැවිරිදි පෙම්වතා ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු නාවලපිටිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන අනෙකුත් සැකකරුවන් 4දෙනා නාවලපිටිය හරංගල ප්‍රදේශයේම පදිංචිකරුවන් බවද පොලීසිය පවසයි.

Related posts

බස්නාහිර ඉන්න ලක්ෂ 5 ක් අවුරුද්දට ගමේ ගියොත් 20 දාටත් ඇඳිරිය ඉවත් නොවේ

colombotoday

නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ඩොලර් වලට අලෙවි කරයි

colombotoday

මඩකලපුවට ඇදහැළුණු මෝස්ම් වරුෂාව හේතුවෙන් 35,642දෙනෙක් පීඩාවට

colombotoday

එකවර උණ්ඩ හයක් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සමග දෙදෙනකු අල්ලයි

colombotoday

මුළු ලෝකෙටම අපේ හෙළුව පෙන්නුවා…

colombotoday

ඉතිහාසයේ මුල්වරට ඩොලරය 152 පනී.. රුපියල දෙවසරකදී රු 20කින් බාල්දු වේ

colombotoday