Colombo Today Local News

කුරියල් ආයතනයකට එවූ කෝටි 4ක කුෂ් රේගුවෙන් අල්ලයි

රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අද (16)දින පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේ යැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසයි.

සීදුව ප්‍රදේශයේ පිහිටි කුරියල් ආයතනයකට නෙදර්ලන්තය සහ ඇමරිකාව යන රටවල්වලින් පිළියන්දල, ඉංගිරිය, මිනුවන්ගොඩ, මාතර සහ පොල්ගස්ඕවිට යන ප්‍රදේශවල ව්‍යාජ ලිපිනයන්ට එවා තිබූ පාර්සල් පහක් පරීක්‍ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවත් ජංගම පුටුවක් තුළ සඟවා තිබී කුෂ් ගංජා ග්‍රෑම් 3900 ක් සහ ලියුම් කවරයක තිබී ගංජා ඇට විශාල ප්‍රමාණයක් සොයාත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ සෘජු අධීක්ෂණයෙන් අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් වන සී. පෙරිම්පනායගම් සහ ඊ. ආනන්ද් ඊශ්වරන් යන මහත්වරුන්ගේ මග පෙන්වීම යටතේ රේගු අධ්‍යක්ෂකවරුන් වන කෝකිලා අල්විස්, සමාජ ආරක්ෂණ ඒකකය අධ්‍යක්ෂක ප්‍රියන්ත සපරමාදු, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන අශෝක රත්නායක සහ තිලක් වැලිකල, රේගු අධිකාරීවරුන් වන සමින්ද මාරසිංහ, නිර්මලා බානගල, උදය ගාමිණී, හසන්ත ගුරුගේ සහ රේගු තක්සේරු නිලධාරි කමල් සුමනසිරි යන මහත්වරු ඇතුළු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහූ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළහ.

මත්ද්‍රව්‍ය තොගය වැඩි දුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට බාරදී තිබේ.

Related posts

එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කාලිඩ් කිහාරි දිවයිනට

colombotoday

සෙල්ෆිය මරණයෙන් කෙරවල වෙයි

colombotoday

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට අවසර

Admin

ලංවිම බෑ කිවුවට විදුලි බිල අඩු කරන්න පුලුවන්

Admin

සජිත් හැර යන නිලූකා.. සමගි ජන බලවේගයේ නොනැවතීම වැල වීවෘතයි

colombotoday

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාටත් කොකේන් චෝදානා

colombotoday