Colombo Today Local News

මෙරට ඩෙල්ටා ආසාදිතයින් 38 දක්වා ඉහළට | සැක සහිත සම්පල් 70ක් ජපුරට

ඩෙල්ටා කොවිඩ් 19 වෛරස ප්‍රභේදය සෙවීම සඳහා තවත් පරීක්ෂණ වටයක් අද (16)දින ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල කොවිඩ් රෝගීන්ගෙන් අහඹු ලෙස ලබාගත් ජෛව පටල සාම්පල 70ක් මෙම පරීක්ෂණය සඳහා යොදා ගෙන තිබේ.

මෙම ජෛව සාම්පල වල ප්‍රතිපල දින දෙකක ඇතුලත ලබා දීමට බලාපොරොත්තු වන බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

කොළඹ,කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් ඩෙල්ටා සැර කොරෝනා වෛරසය ආසාදනයවූ රෝගීන් 19 දෙනෙකු ඊයේ (15)දින හඳුනා ගෙන තිබෙන අතර ඒ අනුව මුළු දිවයිනෙන්ම මේ දක්වා සොයාගෙන ඇති ඩෙල්ටා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 38ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පසුව පැවැත්වීමට උපදෙස්

Admin

රොනී ලීච් සමුගනී…

colombotoday

මේක ඇමරිකන් කොළණියක් කරගෙන… තව ඔබාමා විතරයි අඩු – ඩලස්

colombotoday

නිදා සිටි පුද්ගලයකුගේ හිසට පිහියෙන් ඇන මරා දාලා

Admin

ඉස්ලාම් පෙළ පොත් ආපසු කැදවයි

colombotoday

තක්කඩි දේශපාලකයෙකුගේ මැදිහත් වීමක්. | පාස්කු කොමිෂන් නිර්දේශ විකුර්තියක්. | ජාතික සංවිධාන චුදිතයන් බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක්.

colombotoday