Colombo Today Local News

විභාග කල්දමා විෂය නිර්දේශ ආවරණය කිරීමට අවස්ථාව ලබාදෙන්න – විපක්ෂ නායකයා ඉල්ලයි

එළඹෙන ඔක්තෝබර් 3 වනදා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සහ ඔක්තෝබර් 4 වනදා අරම්භවීමට නියමිත උසස් පෙළ විභාග කල්දමන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටින්නේ එම විභාග කල්දමා විෂය නිර්දේශ ආවරණය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසය.

විභාග දෙකම පැවැත්වෙන්නේ එම දරුවන් බරපතළ මානසික පීඩාවන් රැසකට මුහුණ දී සිටින තත්ත්වයක් තුළදී බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

මුළුමනින්ම පාහේ පාසල් අධ්‍යාපනය සහ උපකාරක පන්ති අධ්‍යාපනය ද බිඳවැටී ඇති තත්ත්වයක් තුළ එම දරුවන් දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය මෙරට බොහෝ තැන්වලට තවමත් ආගන්තුක වන අතර පාසල් 2,000ට වැඩි ප්‍රමාණයකට කිසිදු ඔන්ලයින් පහසුකමක් නැති බවත් මාර්ගගත අධ්‍යාපනය නංවන්නට ආණ්ඩුව මෙතෙක් ප්‍රායෝගික වැඩපිළිවෙළක් සකස් කිරීමට ද අසමත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

ජනපති සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් හමු වෙයි

Admin

ලොව ඉපැරණිම ජනාවාසයක් වූ පාහියන්ගල, ඓතිහාසික ගල්ලෙන අනතුරේ !

colombotoday

“ඩයස්පොරා තහනම ඉවත් කරලා, සංහිදියාව වෙනුවෙන් වැඩ ගොඩක් කරලා.. ඒත් මානව හිමිකමුත් කඩලා” ඇමරිකාවෙන් වාර්තාවක් එයි

colombotoday

අග්‍රාමාත්‍ය ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් මහතාගෙන් පින්කම් රැසක්

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ 64,779ක් අත්අඩංගුවට

colombotoday

“රාජපක්ෂ ගෙදර යැව්වා.. ශ්‍රීලනිපය දෙකට කැඩුවා.. කොහොමද රනිල්ගෙ මොළේ” – නලින් බණ්ඩාර (Video)

colombotoday