World

ICC ප්‍රධාන විධායක නිලධාරියා ධූරයෙන් පන්නයි

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක මනු සව්නි ( Manu Sawhney ) එම ධූරයෙන් පහ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අයිසීසී මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ ඔහු අත්තනෝමතික ක්‍රියා සිදු කිරීම සහ තම කාර්ය මණ්ඩලයට හිරිහැර කිරීමේ චෝදනා මතයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාර්ක්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08)දින පැවති හදිසි රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ජෙෆ් ඇලාර්ඩිස් වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරනු ඇති.

Related posts

ගුවනේ යා හැකි මෝටර් රථයේ පළමු ගමන සාර්ථකව නිමකයි

colombotoday

වැසිකිළි දෙකක් හදා දුන් කාන්තාවකට ඉන්දීය අගමැති මෝදි වැද නමස්කාර කරයි

colombotoday

ප්‍රංශයට කොරෝනා ගෙනා දේවමෙහෙය

colombotoday

අමෙරිකාවේ කුඩා ළමුන්ටත් එන්නත් ලබාදීමට අනුමැතිය

colombotoday

බ්‍රිතාන්‍යය අගමැති දැඩි සත්කාර ඒකකයට

colombotoday

පැරිස් නුවර මාසයක් ලොක්ඩවුන්

colombotoday