ඉංගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි විසින් විහාරස්ථානයේ වැඩවසන තවත් භික්ෂුන් වහන්සේ නමක් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සම්බන්දයෙන් පානදුර පොලීසිය විසින් ඊයේ (7) අත්අඩංගුවට ගෙන ඇත.
විහාරස්ථානයේ සිටින රියදුරෙකු වෙත මෙම ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 11 ක් ලබා දී ඇති බවත් එම රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.