Colombo Today Local News

හෙද වෘත්තීය සමිති වර්ජනයක

විශේෂිත රෝහල් කිහිපයක හැර දිවයිනේ සියලු රෝහල්වල අද (01) සහ හෙට (02) වැඩ වර්ජනයක නිරත වීමට හෙද වෘත්තීය සමිති තීරණය කර තිබේ.

එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ, විශේෂිත රෝහල් ඇතුළු කොවිඩ් ප්‍රතිකාර රෝහල් තුළ එම වැඩවර්ජනය ක්‍රියාත්මක නොකළ ද හෙද ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේ දී අඛණ්ඩ වර්ජනයකට යොමුවන බවය.

“අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් කරන්න තීරණය කරලා තියෙනවා. ඒ විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා ලංකාවේ තියෙන සියලුම රෝහල් ඒ වගේම මහජන සෞඛ්‍ය සේවාව ඒ වගේම හෙද අධ්‍යාපන සේවාව. රෝහල් 1103 හෙද නිලධාරීන්, ජාතික රෝහල් දෙකක්, ශික්ෂණ රෝහල් 26ක්, මහ රෝහල් 17ක් හා විශේෂිත රෝහල් හැර අනෙක් සියලුම රෝහල්වල හෙද හෙදියන් මේ සඳහා සම්බන්ධ වෙනවා. ලංකාවේ හෙද සාමාජිකත්වය 38,000ක් විතර. ඒ 38,000 වර්ජනයට සම්බන්ධ වීමට නියමිතයි.“

Related posts

මහබැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය භාර දීම, හොර පූසකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා වගේ වැඩක්

colombotoday

පොදු ජන පෙරමුණේ නිල පුවත්පත එළිදකී

colombotoday

මහ කන්නයේ දී පොහොර ගන්න හෙක්ටයාරයකට 15000ක් ගොවි ගිණුම් වලට

Admin

එජාප හිටපු ඇමැති රවී කරුණානායක පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට

colombotoday

විශ්වාසභංගය දිනුවත් පැරදුණත් මේ ආණ්ඩුව ජනතාව ඉදිරියේ පරාදයි – රතන හිමි අගමැතිට එරෙහි වෙයි

colombotoday

අපි වගේ හොරුන්ට දරුවන් ළවා වන්දවන්න එපා – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්

colombotoday