Colombo Today Local News

බාලවයස්කාර දරුවකු අපයෝජනය කළ කතක් ඇතුළු දෙකක් මාට්ටු

මහනුවර කැටවල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන වෘත්තීය පුහුණු ආයතනයේ පුහුණුව ලද බාලවයස්කාර පිරිමි දරුවකු බලහත්කාරයෙන් රඳවාගෙන ලිංගික අපයෝජනයකට ලක් කළැයි කියන රස කැවිලි නිෂ්පාදන ආයතනය සේවිකාවක සහ එහි හිමිකරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ වෘත්තීය පුහුණු ආයතනය මගින් මහනුවර බහිරව කන්ද ප‍්‍රදේශයේ පිහිටි රසකැවිලි නිෂ්පාදන ආයතනයට විශේෂ අවශ්‍යතා ඇති පිරිමි දරුවන් සිව් දෙනකු යොමු කර ඇති අතර, එම දරුවන්ට නිවෙස්වලට යාමට නොදී මෙම කාන්තාව විසින් එම බාලවයස්කාර පිරිමි දරුවන් අපයෝජනයට ලක්කර ඇති බවට ලද පැමිණීල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

මෙම කාන්තාවගේ හිංසනයට ලක්විය නොහැකි බැවින් එම ස්ථානයෙන් පිරිමි ළමුන් තිදෙනකු පැනගොස් ඇති බවත් එක් ළමයකු එම ආයතනයේ කාමරයක් තුළ බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටින බවට ළමයාගේ දෙමාපියන් මහනුවර පොලීසියට කරන ලද පැමිණීල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ වී ඇත.

Related posts

පොල් පැළ හිගයක්. 2020 වසරේදී පොල් වගා කිරීමේ මණ්ඩලයේ පැළ තවාන්වලින් පැළ ලක්ෂ 20ක් නිකුත් කරලා.

colombotoday

ඉන්දියාවේ වන්දනාවක යන්න උණ්ඩයකුත් අරන් ඇවිත්

Admin

විශ්වවිද්‍යාල සිසුවෙක් දුම්රියක ගැටී මරුට

Admin

“අපි ආවේ දූෂණ වංචා නවතන්නයි.. බැදුම්කර හොරුන්ට දඩුවම් දෙනවා” – අගමැතිගේ විශේෂ ප්‍රකාශය

colombotoday

නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙක් මිය යයි

Admin

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය වැසෙයි

Admin