මන්දක් අටවා කොටියෙකු අල්ලා ඝාතනය කර මස් කර අළෙවි කළ සැකකරුවන් තිදෙනෙකු නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් ඊයේ (27) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව අද (28) දින නුවරඑළිය වලපනේ මහෙස්ත්රාත් අධිකරණයේ මහෙස්ත්රාත් ඊ.ආර්.එස්.ජිනදාස මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එක් සැකකරුවෙකුට රු. ලක්ෂයක පුද්ගලික ශරිර ඇප මත සැකකරුවන් තිදෙනා මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ වලපනේ මුර්ඔය වතු යායේ පදිංචි සුප්පන් ඉලංගොවන් (46) ,රාමසාමි මුත්තයියා කමලදාසන් (33) , මරදවිරන් ශ්රිදරන් (28) යන සැකකරුවන් තිදෙනාවයි.