Colombo Today Local News

පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ට වාරණ නියෝගයක්

කුරුවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. රත්නසිරි මහතා එම ධුරයෙන් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

එම මන්ත්‍රීවරයා විසින් ගොනුකරන ලද පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා ලබන 12 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම වාරණ නියෝග නිකුත් කළ බව මාද්‍ය වාර්තා කරයි.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා අධිකරණය විසින් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර යන අය වෙත නොතිසි ද නිකුත් කර තිබේ.

2020 මැයි මස 20 දා කුරුවිට ජල යෝජනා ක්‍රමය අසලදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට අවමන් සහගත අයුරින් බැනවැදුණේ යැයි චෝදනා කරමින් තමන්ව ඉවත් කොට එම පුරප්පාඩුව සඳහා වෙනත් අයෙකු පත්කරන ලෙස අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබු බව පැමිණිලිකරු අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

තමන්ව පක්ෂයෙන් නෙරපීමට ගත් ක්‍රියාමාර්ගය නීතියට පටහැනි යැයි පෙන්වා දෙන පැමිණිලිකාර මන්ත්‍රීවරයා තමන්ව ඉවත් කොට එම පුරපාඩුව සඳහා වෙනත් අයෙකු පත් කිරීම වළක්වාලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා වෙත වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබුණි.

Related posts

තවත් ගල් අඟුරු බලාගාරයක් සදහා මෙතෙක් අවසන් තීරණයක් ගෙන නෑ- අමරවීර

colombotoday

සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

Admin

මැතිසබයේ උණුසුම් තත්ත්වයක්

Admin

රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ගොඩනැගිල්ලකින් ඇඳ වැටී තරුණියක් මරුට

colombotoday

පදිකයෙක් යට කර රථය පලා යයි. පදිකයා මරුට!

colombotoday

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දමන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට අවධානය..

Admin