Colombo Today Local News

අනාගත ජාතික අභිලාෂ ජයග්‍රහණය කරවීමට කැපවීම අප සැමගේ යුතුකමයි – හිටපු ජනපති

mahinda r1

ත්‍රස්‌තවාදය පරදා මව්බිමට සාමය දිනා දුන් අපි පිරිසිදු ෙච්තනාවෙන් මුසු අවංක කැපකිරීමකට කළ නොහැකි දෙයක්‌. නොමැති බව නූතන ලෝකය හමුවේ සපථ කළ ජාතිකයකි. එකී අභිමානය හදවතේ ගැඹුරම තැනක රඳවා ගනිමින් අනාගත ජාතික අභිලාෂ ජයග්‍රහණය කරවීම වෙනුවෙන් කැපවීම අප සැමගේ යුතුකම මෙන්ම වගකීම යෑයි හිටපු ජනාධිපති මහින්ද රජෙපක්‍ෂ මහතා සිය අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයෙන් කියා සිටී.

එම සුබ පැතුම් පණිවුඩයේ මෙසේද දැක්‌වේ.

2015 වසරට සමුදී අභිනව වර්ෂයක්‌ සඳහා මුල පුරණ මේ මොහොත් සමස්‌ත ශ්‍රී ලාංකික ජනතාවට සුබ නව වසරක්‌ වේවායි ඉත සිතින් සුබ ප්‍රාර්ථනා කරමි.

මෙතක්‌ ළඟාවීමට නොහැකිවූ ජාතික ජයග්‍රහණ මාතෘ භූමියට උරුම කර දීමේ තිර අදිටනින් යුතුව නව වසරට මුල පිරීම අප සැමගේ යුතුකම බව මම විශ්වාස කරමි. ත්‍රස්‌තවාදය පරදා මවු බිමට සාමය දිනා දුන් අපි පිරිසිදු ෙච්තනාවෙන් මුසු අවංක කැප කිරීමකට කළ නොහැක්‌කක්‌ නොමැති බව නූතන ලෝකය හමුවේ සපථ කළ හැකි ජාතිකයකි. එකී අභිමානය හදවතේ ගැඹුරු තැන රඳවා ගනිමින් අනාගත ජාතික අභිලාෂ ජයග්‍රහණය කරවීම වෙනුවෙන් තැපවීම අපගේ යුතුකම මෙන්ම වගකීමයි.

සිංහල, දෙමළ, මුස්‌ලිම්, මැලේ, බර්ගර් සියලු ජාතීන්ට අයත් ශ්‍රීලාංකිකයන් ලෙස තම තමන්ගේ අනන්‍යතාව රැක ගනිමින් සුහදව ජිවත්වීම සඳහා අප විසින් නිර්මාණය කළ පසුබිම තවදුරටක්‌ සුරක්‍ෂිත කළ යුතුය. ඉන්දියන් සාගරයේ නිල් දිය රැළි මත දිදුලන සියල් සපිරි සුපහන් දේශයක්‌ නිර්මාණය කිරීම සඳහා අප පෙරටම යා යුතුය.

එහිදී අපේක්‍ෂිත සහ අනපේෂිත අභියෝග හමුවිය හැක. සතුරන්ට පිපුණු මල් තලා පොඩි කළ හැකි නමුත් වසන්තයේ පැමිණීම නතර කළ නොහැකි බව අප විශ්වාස කරන්නෙමු. මාතෘ භූමියේ අනාගත යහපත උදෙසා වෙහෙසවන්නට ඔබට යෝධ බල යෝධ ශක්‌තිය ලැබේවා.

මව්බිම දිනේවා!

Related posts

“අධිකරණයට බලපෑම් කරන්නේ පාර්ලිමේන්තුව.. විනිශ්චයකාරවරු බය කරන්න වරප්‍රසාද කමිටුවට ගෙන්නුවා”

Admin

ලාංකික ISIS ත්‍රස්තවාදියා සමග තවත් 16ක් ගිහින්… සඟරාවකින් හෙළිවෙයි

colombotoday

භූගත ජලය භාවිතයේදී සැලකිලිමත් වන්න

Admin

එජාපයේ සියලූ තනතුරු වෙනස්වෙයි. නව නායක රුවන්. උත්තරීතර නායක රනිල්.

colombotoday

සහල් ආනයනට පෞද්ගලික අංශයට අවසර

Admin

මංගල ප්‍රතිත්‍රස්ත පනත ගෙනආවේ කොටි ඩයස්පොරාවේ උවමනාවටයි..

colombotoday