Colombo Today Local News

වඩා ජවසම්පන්න ලෙස, තිරසාර අරමුණින් ඉදිරිය බලා යන ගමන වේගවත් කරමු – ජනපති

my3

එකමුතු බව සහ ඒ තුළින් ශක්තිමත් වන සාමූහිකත්වයේ, සහජීවනයේත් සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම නව වසරේ සියලුදෙනාගේ පොදු අධිෂ්ඨානය වී ඇති බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා නව වසර සදහා සුබ පැතුම් එක් කරමින් පවසනවා.

“ඔබේ අපේ මේ ලස්සන, සුන්දර, වාසනාවන්ත ශ්‍රේෂ්ඨ මාතෘ භූමිය යහපත්, සුභවාදී ලෝකයේ විශිෂ්ඨ රාජ්‍යයක් කරන්න, ඒ වගේම ඔබ සෑම කෙනෙකුගේම ජීවිත වඩා වටිනා සාර්ථක ජීවිත බවට පත් කරන්න, වාසනාවන්ත ජීවිත බවට පත් කරන්න නිදහසින්, සතුටෙන් ජිවත් විය හැකි පරිසරයක් ගොඩ නගන්න මේ නව වසර ඔබ අප සෑම කෙනෙකුටම සියලු ආකාරයෙන් හැකියාව ලැබේවා කියා මා විශ්වාස කරනවා.ඒ නිසා ඔබ අප සෑම කෙනෙක්ම එකට එකතුවෙලා ඒ වගකීම සහ යුතුකම ඉටු කරමු.ඔබ සෑම කෙනෙකුටම මේ ලැබූ නව වසර සියලු ආකාරයෙන්ම වඩාත් වාසනාවන්ත,සුභවාදී සතුටෙන්,නිදහසේ ජීවත් විය හැකි වසරක් වේවායි කියලා මා සුභ පතනවා..ආශිර්වාද කරනවා..ඔබට තෙරුවන් සරණයි..!!

– ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළට

colombotoday

හෙට සිට විදුලි කප්පාදුවේ වෙනසක්

colombotoday

ක්‍රිෂ් ගනුදෙනුව ගැන හොයන්න FCID සිංගප්පූරු යයි

colombotoday

විශ්වවිද්‍යාල කලා උපාධි පාඨමාලා රැසක් යාවත්කාලීන කිරීමේ තීරණයක්

Admin

පළාත් අතර සීමිත බස් සහ දුම්රිය ගමන්වාර අද සිට

colombotoday

අපි වගේ හොරුන්ට දරුවන් ළවා වන්දවන්න එපා – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්

colombotoday