Colombo Today Local News

ලාංකික ධීවරයින් 12ක් සීෂෙල්ස් මුහුදු සීමාවේදී අත්අඩංගුවට

නීතී විරෝධී ලෙස සීෂෙල්ස් මුහුදු සීමාවට ඇතුළු වූ ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සීෂෙල්ස් ගුවන් හමුදාව සහ එරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යාත්‍රා 02කින් සීෂෙල්ස් මුහුදු සීමාවට පැමිණ මෙම ධීවරයින් ධීවර කටයුතුවල නිරත වී ඇති බව සඳහන්ය.

ඒ අනුව මැයි මාසයෙන් පසුව නීතී විරෝධී ලෙස සීෂෙල්ස් මුහුදු සීමාවට ඇතුළු වූ ධීවර යාත්‍රා 05ක් එරට ආරක්ෂක හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයින් සහ යාත්‍රා රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව සීෂෙල්ස් මහජන ආරක්ෂක බලකාය සඳහන් කරයි.

Related posts

ක්‍රියාවිරහිතව තිබූ පළමු යන්ත්‍රයෙන් විදුලිය නිෂ්පාදනය ඇරඹේ..

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගර්භණී මව්වරුන්ට දැනුම් දීමක්

colombotoday

කොළඹට ඇතුළු වූ බෝම්බ ලොරිය යැයි සකකළ ලොරිය අල්ලයි…

colombotoday

පොලිස් හදිසි මෙහෙයුමෙන් බීමත් රියදුරන් 222ක් අත්අඩංගුවේ

colombotoday

SAITM වසා දමන තුරු වෛද්‍ය සිසුන් ඉගෙනීමෙන් ඉවත් වෙයි !!

colombotoday

ජනපතිගේ ප්‍රධාන උපදේශක ශිරාල් සජිත්ගේ සහයට එක්වෙයි !

colombotoday