Colombo Today Local News

හඳුනාගත් රෝහල් මගින් එන්නත් ලබාදීමට යෝජනාවක්

එන්නත් ලබාදීම හඳුනාගත් රෝහල් මගින් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට යෝජනා කර තිබේ.

මේ ක්‍රියාමාර්ගයෙන් අපේක්ෂා කෙරෙන්නේ දවසේ වැඩි කාලයක් මේ රෝහල්වලින් එන්නත් ලබා ගැනීමට ජනතාවට ඉඩ සැලසීමයි .

මේ යෝජනාව ඉදිරිපත්වූයේ, අද (25)දින ජනාධිපති කාර්යාලයේ පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ය.

ජුලි මස මුල සිට සැප්තැම්බර් දක්වා සයිනෝෆාම්,සයිනෝවෙක්, sputnik ඇතුළු එන්නත් මිලියන 17 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.

එම එන්නත් රටපුරා වැඩි පිරිසකට කෙටි කාලයක් තුළ ලබාදීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දී තිබේ.

මෙම සාකච්ඡාවට එක්වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව කොවිඩ් මර්දන එන්නත් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කරන ආකාරය ලෝක බැංකුවේ ප්‍රසාදයට ලක්ව ඇති බවයි.

මේ නිසාම එන්නත් මිලදී ගැනීමේදී ලෝක බැංකු වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදු කිරීමේ අවකාශය ශ්‍රී ලංකාවට හිමිවන බව ගුණසේන මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Related posts

වැඩ වැරදෙන චාමර

Admin

හිරුණිකා අත්අඩංගුවට ගනී.. අදම උසාවියට ඉදිරිපත් කරයි

colombotoday

ඔබාමා ලංකාවට එන්නයි හිටියේ.. වෙසක් නිසා බැරිවුණා.. අපරාදෙ !

colombotoday

හෙට විදුලි කප්පාදුව පැය 7 පන්නයි

colombotoday

දුමින්ද ඉවතට – ශ්‍රීලනිප මහ ලේකම් එස්.බී. !

colombotoday

අවසන් තුරුම්පුවත් අදී… විශ්වාසභංගයට අත්සන් කරන ඇමතිලා කැබිනට්ටුවෙන් දොට්ට !

colombotoday