Colombo Today Local News

මිනිස්සු ගොනාට අන්දන චීවරධාරියා පොහොරවලට දෙන උපදෙස්වලට රැවටෙන්න එපා. – දඹගොල්ලේ සෝමානන්ද හිමි ජනපතිට කියයි.

මිනිස්සු ගොනාට අන්දන චීවරධාරියා පොහොරවලට දෙන උපදෙස්වලට රැවටෙන්නේ නැතුව පොලවේ පයගහලා ඉන්න මිනිසුන්ගෙන් උපදෙස් අරගෙන ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාට අවධාරණයෙන් කියා සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය දඹගොල්ලේ සෝමානන්ද හිමි ඊයේ (20) මාධ්‍ය හමුවක් පවත්වා සඳහන් කරන ලදි.

එහිදී අදහස් දැක්වූ ඒ හිමියෝ…

“අතිගරු ජනාධිපතිතුමා වටා සිටින කේවට්ට වූ පණ්ඩිතයෝ ටික දෙන උපදේශ මත, මං හිතන්නේ අපේ ජනාධිපතිතුමා ක්‍රියාත්මක වෙනවා වෙන්න ඕනි. නැත්නම් මේ රටේ බිම්මට්ටමේ බිම ජීවත්වෙන මිනිසුන්ගේ අදහස් අරගෙන විද්‍යාත්මක පදනමකින් කරුණු ඉදිරිපත් කරන කිසිවෙක් නෑ මං හිතන්නේ එතුමන්ට. මේ වන කොට හැමදාම ජනතාව රවට්ටමින් බොරු කරන කේවට්ටයෝ ටිකක් එතුමට උපදෙස් දෙනවා.

විශේෂයෙන්ම චීවරධාරියෙකු ද මේකට සම්බන්ධ වෙලා තියෙන බව අපි බොහොම කණගාටුවෙන් යුක්තව සිහිපත් කරනවා. ඒ චීවරධාරියා හැමදාම කළේ මිනිස්සු ගොනාට අන්දලා බලයට ගිහිල්ලා කිසිවක් නොකොට සුර සැප විඳින එක විතරයි. ඒ නිසා මේ අවස්ථාවේදී මේ අහිංසක ජනතාවගෙන් පෝෂණය වන භික්ෂූන් වහන්සේලා වශයෙන් අපි කතා කරන්නේ මේ අහිංසක ජනතාවගේ සාධාරණයක් කරන්නට. මේ පොහොර ටික කෘෂි රසායන ටික දෙන්න. සාමාන්‍යයෙන් මේ පොළොවේ ජීවත් වන පොළොවෙ පය ගහල ඉන්න මිනිස්සුන්ගෙ අදහස් අරගෙන ජනාධිපතිතුමා ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි කියන කාරණය සිහිපත් කරනවා. මෙන්න මේ කියන වන්දිභට්ට කේවට්ටයන්ගේ බණ වලට රැවටිලා වැඩ කටයුතු කරන්න එපා කියන කාරණය සිහිපත් කරනවා.”

Related posts

ඉන්දිය ජාතික ප්‍රධාන අරක්කැමියා අවන්හලකදී ඝාතනය කරලා

Admin

රාජගිරිය රිය අනතුර – පාඨලිගේ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඉල්ලීමක්

colombotoday

සති අන්තයේ මාර්ග කිහිපයක් වැසෙයි… විකල්ප මාර්ග ගැන පොලීසියෙන් දැනුම්දීමක්

colombotoday

කුරුඳු සංවර්ධනයට නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන්න කැබිනට් අනුමැතිය

Admin

මියන්මාරයේ සංචාරයකට විරතු හිමියන්ගෙන් ඥාණසාර හිමියන්ට ඇරයුම් !

colombotoday

පැතිරී යන කොවිඩ් 19 වසංගතය ගැන සතුටුවන IS නායකයා සතුරන්ට උපරිමයෙන් ප්‍රහාර එල්ල කරන්න සිය අනුගාමිකයින් දැනුවත් කරයි

colombotoday