Colombo Today Local News

කොළඹ වරායෙන් ගිය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඉන්ධන කාන්දුවක්

කොළඹ වරායේ සිට ඉන්දියාවේ හල්දියා වරාය වෙත ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඉන්ධන කාන්දුවක් සිදුව තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පසුගිය 16 වනදා කොළඹ වරායෙන් ගමන් ආරම්භ කළ පෘතුගාලයේ ලියාපදිංචි “එම්.ඩී ඩෙවෝන්” නම් නෞකාවේ ඉන්ධන ටැංකියකට හානි සිදුවීමත් සමඟ එම ඉන්ධන කාන්දුව හටගෙන ඇති බවය.

චෙන්නායි සිට නාවික සැතපුම් 250ක් පමණ දුරින් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබියදී නෞකාවේ ඉන්ධන කාන්දුව පිළිබඳ තොරතුරු වාර්තා වූ බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සඳහන් කර තිබේ.

මේ හේතුවෙන් ඉන්ධන කිලෝලීටර් 10ක් පමණ මුහුදට කාන්දුවී ඇති බව වාර්තා වී ඇත.

කෙසේවෙතත් හානි සිදු වූ ඉන්ධන ටැංකියේ ඉතිරි ඉන්ධන වෙනත් ටැංකියක් වෙත මාරු කිරීමට නෞකාවේ කාර්යය මණ්ඩලය පියවර ගෙන තිබේ.

මේ හේතුවෙන් නෞකාව නියමිත ගමනාත්තය වෙත ළඟාවෙමින් පවතින අතර පවතින තත්ත්වය පිළිබඳ අදාළ සියලු පාර්ශව විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සඳහන් කර ඇත.

Related posts

ක්‍රෙඩිට් කාඩ්, රන් ණය පොලි අනුපාත පහතට

colombotoday

විජේදාස සමුගනී.. විශේෂ ප්‍රකාශයකට සූදානම් !

colombotoday

අජිත් ප්‍රසන්න ට ඇප. | මින්මතු සාක්ෂිරුවන්ට බලපෑම් වෙන ප්‍රකාශ නිකුත් නොකරන බවට ප්‍රතිඥාවකුත් දෙයි.

colombotoday

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිය අද ඇරඹේ – ජනපති හෙට සමුළුව අමතයි

colombotoday

කැසිනෝ මුදලාලිගෙන් ප්‍රධාන පුරවැසියෙක්ට මිලියන 122 ක්

colombotoday

වන්දි ලබාගන්න කඩිනමින් නඩු පවරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Admin