Colombo Today Local News

දරුවන් අතරේ සුලභව පැතිරෙමින් පවතින තවත් රෝගයක්

පූසන්ගෙන් හා බලු පැටවුන්ගෙන් බෝ වන ටොක්සොකාරා (toxocariasis) යනුවෙන් හැඳින්වෙන වට පණු රෝගයක් දරුවන් අතරේ මේ දිනවල සුලභව පැතිරෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

පාසල් නිවාඩුව නිසා දරුවන් මේ දිනවල නිවෙස්වල වැඩි වශයෙන් පූසන් සහ කුඩා බලු පැටවුන් සමග කාලය ගතකරන හෙයින් එම සතුන්ගෙන් මෙම වටපණු රෝගය දරුවන්ට පැතිරෙන බවද ඔහු ප්‍රකාශ කරයි.

පූසන්,බලු පැටවුන් වැනි කුඩා සතුන්ගේ ශරීරයන්හි මෙම වටපණුවන් සුලභව වර්ධනය වේ.

එවිට ඒ සතුන් සමග නිතර ගැටෙන දරුවන්ටද එම වටපණුවන් ඇතුළුවීමෙන් ඔවුන්ගේ සම මත මුල් අදියර යටතේ පණු ගෙඩි ඇති කරවන බව දීපාල් පෙරේරා මහතා පවසයි.

අනතුරුව මෙම වට පණුවන් දරුවන්ගේ ඇස්වලට, මොළයට සහ පෙණහලුවලට ඇතුළුවීමෙන් බරපතළ සංකූලතා ඇති කරවන බවත්, මෙම පණු රෝගයට ගොදුරු වූ දරුවන් පිරිසක් තමාට පසුගිය දින කිහිපයේදී හමුවූ බවත් විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

නිවෙස්වල සුරතලයට ඇති කරන මෙවැනි සතුන්ට පණු බෙහෙත් ලබාදීමෙන් මෙම රෝගය පාලනය කරගත හැකි බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ආර්ථික ඝාතකයින්ට එරෙහි පෙත්සමෙන් රනිල් මුදා හැරීමට නියෝග

colombotoday

මව්බිමේ දරුවන් වෙනුවෙන් වූහාන් මරු කටට ගිය ගුවන් විරුවන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හරසර !

colombotoday

ආදාහනාගාරවල තදබදයෙන් රෝහල් කිහිපයක කොරෝනා මළ සිරුරු ගොඩ ගැසෙයි.

colombotoday

මාස කිහිපයකින් ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්

Admin

ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්

Admin

මල්වතු මහ නාහිමිගෙන් ජනපතිට ලිපියක්

colombotoday