Colombo Today Local News

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සමුද්‍රීය පරිසරයට සිදුවූ හානිය තක්සේරු කිරීමට එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් දිවයිනට

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට සමුද්‍රීය පරිසරයට සිදුවූ හානිය අධ්‍යයනය සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් තිදෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේ, සමුද්‍රීය පරිසර විද්‍යාව පිළිබඳ මෙම විශේෂඥයින් දේශීය විශේෂඥයින් සමග එක්ව මේ පිළිබඳව වැඩිදුර අධ්‍යනයන් සිදුකරනු ඇති බවයි.

තව ද මෙම විශේෂඥයින් නෞකා සුන්බුන් හේතුවෙන් සමුද්‍ර පරිසර පද්ධතියට සිදුවන හානිය පිළිබඳ ප්‍රමාණාත්මක දැනුමක් සහිත පිරිස් බව ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසී ය.

ප්‍රංශය සහ ස්විට්සර්ලන්තය නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ මෙම විශේෂඥයින් දිවයිනට පැමිණ ඇත්තේ, මෙරට රජය සිදු කළ ඉල්ලීමකට අනුවයි.

මේ අතර නෞකාව ගිනිගැනීමෙන් සමුද්‍ර පරිසර පද්ධතියට හා සාගර ජීවීන්ට සිදුවන හානිය පිළිබඳව නාරා ආයතනය ද අධ්‍යයනයක් ආරම්භ කර ඇතැයි, වාර්තා වේ.

Related posts

සුඩානයේ කාටොන් නගරයෙන් ලංකිකයින් 13 ක් ඉවත්කර ගනී

Admin

සයිටම් ගැටළුවට ජනපතිගෙන් කමිටුවක් !

colombotoday

තමිල්නාඩුවෙන් සහනාධාර රැගත් නැවක් අද හවසට ලංකාවට

colombotoday

වසර 14ක් සපිරෙන යුද ජයග්‍රහණයේ රණවිරු සැමරුම හෙට

Admin

පිරිපහදුවට ලක්නොකර පානය කළ හැකි හෝප් වතුයායට අයත් දිය බුබුළේ ජලය පිටරටට විකුණන්න යයි

colombotoday

වරාය වෘත්තිය සමිති සහ අගමැති අතර අද සාකච්ඡාවක්

colombotoday