World

උතුරු කොරියාවට ආහාර හිගයක් – නායක කිම් ජොන් උන් නිල වශයෙන් දන්වයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රට ආහාර හිඟයකට මුහුණ දී සිටින බව නිල වශයෙන් පිළිගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ රැස්වීමක් අමතමින් කිම් මහතා කියා සිටියේ “ජනතාවගේ ආහාර තත්ත්වය දැන් නොසන්සුන් වෙමින් පවතින” බවයි.

පසුගිය වසරේ ඇති වූ සුළි සුළං හේතුවෙන් කෘෂිකාර්මික අංශය සිය ධාන්‍ය ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වී ඇති අතර එයට තවත් හේතුවක් වශයෙන් එරටට බලපෑ ගංවතුර හේතු වූ බවයි කිම් පවසයි.

කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීම සඳහා උතුරු කොරියාව සිය දේශසීමා වසා දමා තිබෙන අතර එහි ප්‍රතිඵලය ලෙස චීනය සමඟ වෙළඳාම බිඳ වැටි තිබේ.

උතුරු කොරියාවේ ආහාර මෙන්ම පොහොර සහ ඉන්ධන සඳහා ද චීනය මත රඳා පැවතුණි.

Related posts

ධවල මන්දිරයෙන් ඉවත්වන්නට ට්‍රම්ප් ගෙන් කොන්දේසියක්

colombotoday

Video – ඉරාකයේ ඇති ලොව පැරණිතම කතෝලික පල්ලියක් ඉස්ලාමික ත්‍රස්තවාදීන් විනාශකර දමයි

colombotoday

රුසියානු නාවික කඳවුරකට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

Admin

සුපිරි නළු විජයකාන්ත් කොරෝනා ආසාදනය වී මරුට

Admin

කර්මාන්ත කලාපයක වෙඩිතැබීමකින් 10ක් මරුට

colombotoday

අගහරු වෙත යන කුඩා හෙළිකොප්ටර් යානය

colombotoday